අපි කවුරුත් පංචිකාවත්තේ අයියා හෝ ප්‍රේමචන්ද්‍ර සහෝදරයා ලෙස දන්නා හඳුනන සිරිමල් විමලජීව හේරත් සහෝදරයා 1971 සිට මේ අද දවස දක්වා වසර 50කට අධික පූර්ණකාලීන දේශපාලන ජීවිතය නිමා කර ඊයේ
අපෙන් සමු ගත්තා.
ඔහු හෘදයාබාධයකින් අපෙන් වෙන්වන විට වසර 72ක ජීවිත කාලයක් ගෙවා තිබුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලබුනෝරුව ග්‍රාමයේ උපත ලැබූ පංචිකාවත්තේ අයියා මුලින් ඉතාම තරුණ වයසේදී 1971 අරගලයට සම්බන්ධ වී එතැන් සිට අඛණ්ඩව පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වුණා.
මර්දනයෙන් අනතුරුව 1994 පක්ෂයේ වැඩ කටයුතු නැවත ආරම්භ වෙද්දී කොළඹ සම්බන්ධීකරණ කාර්‍යාලය වූ පංචිකාවත්ත කාර්‍යාලය භාරවූ නිසාම ඔහු බොහෝ දෙනා දන්නේ පංචිකාවත්තේ අයියා විදියට.
පසුව පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්‍යාලයේ සිටි පංචිකාවත්තේ අයියා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරම්භයේ සිටම සක්‍රියව දේශපාලන කටයුතු වල නිරත වුණා. අපේ මාදිවෙල හා පන්නිපිටිය කාර්‍යාල වල වැඩකටයුතු වල නිරතව සිටි පංචිකාවත්තේ අයියා අවසන් වසර කිහිපය කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වලට දායක වුණා.
පංචිකාවත්තේ අයියාගේ දේශපාලන ආදර්ශයන් සහ ඔහුගේ ජීවන භාවිතාව අප අතර ගැඹුරු සලකුණු සටහන් කර තිබෙනවා.
පංචිකාවත්තේ අයියේ, ආදරණීය ප්‍රේමචන්ද්‍ර සහෝදරය, ඔබට අපගේ ආචාරය!
දේහයේ අවසන් කටයුතු පෙබරවාරි 26 ගම්පහ පොදු සුසාන භූමියේදී.
( Pubudu Jayagoda ගේ ෆේස්බුක් පිටුවෙන්..)