රජය මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හා එක්වූ බලධාරීන්ගේ මන්දෝත්සාහි බව නිසා වෛද්‍යවරුන්ගේ භාෂා අධ්‍යාපනයට ද බාධා පමුණුවා තිබේ.


වෛද්‍යවරුන් සදහා වසර නමයක් අඛණ්ඩව පවත්වාගෙන ආ දෙවැනි භාෂා පුහුණු පාඨමාලාව ආර්ථික අර්බුදය හමුවේ නැවතී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

''පසුගිය වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සඳහා දක්වන උනන්දුව අඩු වීම හේතුවෙන් එම පුහුණු පාඨමාලාව ඉතාම මන්දගාමි ලෙස 2022 ජනවාරි මාසය තෙක් පවත්වාගෙන යන ලදී. ජනවාරි මාසයෙන් පසු මේ වන තෙක් පාඨමාලාව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇත. එයට හේතුව ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නොමැති බවය.''

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය, ජාතික භාෂා හා අධ්‍යාපන පුහුණු ආයතනය,  රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමය එක්ව වෛද්‍යවරුන් සඳහා දෙවැනි භාෂා පුහුණු පාඨමාලාවක් 2013 වසරේ සිට අඛණ්ඩව වසර 9 ක් පවත්වාගෙන යන අතර ඉන් වෛද්‍යවරුන් 4000 කට වැඩි ප්‍රමාණයකට භාෂා පුහුණව ලබා දීමට හැකි වී ඇත.



ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවත්, සෞඛ්‍ය අමාත්‍යංශයත් යන දෙකම රාජ්‍ය ආයතන වන බැවින් එම ආයතන වල තීරණ ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ මෙම පාඨමාලාව පැවැත්වීමට හැකියාව තිබුණත්, මෙම පාඨමාලාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කිසිදු උනන්දුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය නොදක්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.


වෛද්‍යවරුන්ගේ මෙම භාෂා පුහුණුව හරහා ලෝකයේ දියුණු අනිකුත් රටවලට වඩා සමානාත්මතාවයෙන් යුත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් රට පුරා පවත්වාගෙන යාම සඳහා සමත් වී ඇති බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙබරවාරි 23 වැනි බදාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

''රජයකට, රෝගීන්ගේ මව් භාෂාවෙන් සන්නිවේදනය කළ හැකි වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා සිදු කරන පාඨමාලාව කෙරෙහි අවශ්‍ය දායකත්වය ලබා දීම තුලින් රට තුල සංහිදියාව සහ සමානාත්මතාවය සෞඛ්‍ය සේවාව තුළ තහවුරු කිරීමට හැකි වේ.''එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

 
 

 

Leader Whats app

 

   12

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්