අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් පාස්කු ඉරිදා සිද්දිය සම්බන්ධයෙන් සිදුකර ඇති අලුත්ම අනාවරණයන් අනුව

මේවනවිට සිදුකර ඇති විමර්ශන පිළිබඳව බලවත් සැකයක් මතුව ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එහෙයින් මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් වහාම ආරම්භකළ යුතු බවද ඔහු කියා සිටියි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග අද (25) පැවැති සාකච්ඡාවකින් අනතුරුව, ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා තවදුරටත් මෙසේ සඳහන් කරයි.

"පාස්කු ඉරිදා සිද්දිය පිලිබඳ අලුත්ම කරුණු දැන් හෙළි වෙලා තියනවා. විශේෂයෙන්ම කොමිසමේ වාර්තාව අනුව කිහිප දෙනෙක්ට නඩු දාන්න යෝජනා කලාට, ඒ පරීක්ෂණ සම්පුර්ණ කලාට පසුව, රජය නඩු දැම්මේ හිටපු පොලිස්පතිතුමාත් හිටපු ආරක්ෂක තුමාට විරුද්ධව.

නමුත්, විශේෂයෙන්ම අධිකරණයේ තීන්දුව මේ විත්තිකාරයන් දෙදෙනාගේ සාක්ෂි කැඳවන්නේ නැතුව, ඇත්තවශයෙන්ම මේ අයට විරුද්ධව නඩු නැහැ කියල තීරණය කළා. එහෙනම් මේ නඩු දෙකම පිටතට දාල තිබෙන්නේ.

ඒ වගේම, "මුස්ලිම් මන්ත්‍රීවරයෙකුත් තවත් දෙදෙනෙක් මේ පිළිබඳව අත්අඩංගුවට අරගත්තා .එත්, ඒ තුන් දෙනාම දැන් නිදහස් කරලා තියෙන්නේ.

අන්තිමට ශානි අබේසේකරගේ දිවුරුම් ප්‍රකාශය තිබෙනවා. ශානි අබේසේකර කියන තියන විදියට මේ ගැන, විශේෂයෙන්ම හමුදා බුද්ධි සේවයේ සම්බන්ධයක් තිබුන කියල.  මේ කතාව 2019 නොවැම්බර් වලත් ශානි  අබේසේකර සඳහන් කරලා තියනවා.

එහෙනම් මේ කරුණු සියල්ලම සලකලා බැලුවහම, විශාල ප්‍රශ්නයක් තියනවා මේ පරීක්ෂණය ගැන.

ඇයි ? මේ නිලධාරින්ව අත්අඩංගුවට ගන්නේ.

ඇයි ? මේ අයට විරුද්ධව නඩු දාන්නේ ..

මේ තියන කරනා ගැන ඇත්ත වශයෙන්ම පරීක්ෂණයක් කරන්නේ නැද්ද ?

මේ අවස්ථාවේදී මම හිතන්නේ සියලු දෙනාම එකතු වෙලා අපක්ෂපාතිව තීරණයක් අරගත යුතුයි. එහෙනම් මේ ඇතිවෙලා තියන අලුත් කරුණු දිහා වාර්තා කරන්න, හැම එක්කෙනාටම පිලිගන්න පුළුවන්, අපක්ෂපාති කණ්ඩායමක් වුවමනායි". හිටපු අගමැතිවරයා කියා සිටියි.

 

 

 

 

සබැඳි පුවත් :
 
 
ශානි අබේසේකර ගේ ජීවිතය අනතුරේ ! -Sandeshaya by Saroj

ශානි අබේසේකරව 'ස්වභාවික ඝාතනයකට' තල්ලු කරනවාද? - විපක්ෂ නායක අසයි

'හමුදා බුද්ධි අංශය ප්‍රහාරයට කලින් සහරාන් කල්ලිය ගැන දැන සිටියා' - ශානි අබේසේකර

හිටපු CID අධ්‍යක්ෂක ගේ FR පෙත්සම : එජාපය අලුතින් පරීක්ෂණයක් ඉල්ලයි

'මිලිටරි සහ රාජ්‍ය බුද්ධි සේවා පාස්කු ප්‍රහාරකයින් දැන සිටියා'– ශානි අධිකරණයට කියයි

ශානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
 
 
 

Leader Whats app

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්