රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ විසීම නිසා ආරක්ෂිත හැඟීමක් දැනෙන නමුත් කීව් අගනුවර වෙසෙන සිය දෙමාපියන්ගේ ජීවිතාරක්ෂාව ගැන නිරන්තර බියකින් කල් ගෙවන බව ගාල්ලේ

වෙසෙන යුක්රේන කාන්තාවක පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි දාරියා ෆොනීනා සහ සැමියා යුක්රේනයේ හටගත් නොසන්සුන් වාතාවරණය හේතුවෙන් දිගටම ශ්‍රී ලංකාවේ රැඳී සිටිමුත් ඔවුන්ගේ සැලසුම වූයේ ලබන මාර්තු මාසයේ යළි සියරට බලා යාමය.

එහෙත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි 24) උදෑසන රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීමත් සමග ඒ සියලු සැලසුම් බිඳ වැටිණ.

"තව මාස ගානකට අපිට ආයෙත් යන්න යුක්රේනයට යන්න බැරි වේවි කියල හිතෙනවා," යනුවෙන් "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් සඳහන් කළ ඇය, "මට කිසිම දෙයක් හිතාගන්න බෑ. මේක ලොකු ෂොක් එකක්. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ. ආයේ කවදාවත් මම යුක්රේනයට යාවිද කියල මම දන්නේ නෑ," යනුවෙන් ද කියා සිටියාය.



ඇය පවසන්නේ, මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වාසය කිරීම නිසා ආරක්‍ෂිත හැඟීමක් දැනුන ද, යුද ගැටුම හේතුවෙන් සිය ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බවය.




"මගේ පවුලට මොනවා වේවිද, මට ආයෙත් එයාලව දකින්න ලැබේවිද, කීව් නගරයේ මට ගෙදරක් තියේවිද, මේ කිසි දෙයක් මම දන්නේ නෑ."

ඇයත්, සැමියාත් ශ්‍රී ලංකාවේ සිට මාර්ගගත ක්‍රමයට රැකියාවල නිරත වූ නමුත් යුද ගැටුම් හේතුවෙන් ඔවුන්ගේ සේවා ස්ථාන ද දැන් වසා දමා තිබේ.

"හැම පැයකටම සැරයක් වගේ මම කීව් අගනුවර ඉන්න අම්මල එක්ක කතා කරනවා. එහෙ මිනිස්සු හරිම බයෙන් ඉන්නේ. මම හැමෝටම වගේ කතා කරලා එයාල ගැන හොයල බලනවා. මොකද ආයෙත් සැරයක් එයාල එක්ක කවද කතා කරන්න වේවිද කියල මම දන්නේ නැහැ."

සිය වීසා බලපත්‍රය ඉක්මනින්ම කල් ඉකුත්වනු ඇති බැවින් පවතින තත්වය සලකා බලා ශ්‍රී ලංකා ආණ්ඩුව, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම පිණිස අයකරනු ලබන ගාස්තු අඩුකරන්නේ නම් හෝ අවලංගු කරන්නේ නම් එය "කදිම තෑග්ගක්" වනු ඇති බව ද දාරියා ෆොනීනා මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග කියා සිටියාය.

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 1500 ක් පමණ ශ්‍රී ලංකාවේ කොටු වී සිටින බව The Leader වෙත අනාවරණය වේ. 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්