ඒකීය රාජ්‍යයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වෙනුවට ''එක රටක් රාජ්‍ය දෙකක්''

යන දේශපාලන විසඳුම දිනා ගන්නට පෙළ ගැසිය යුතු බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරේ දේශපාලන පක්‍ෂයක් ඉල්ලීමක් කර තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායකයන් මෙම තීරණයට එළඹී ඇත්තේ පසුගිය සතියේදී මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා සංස්කෘතික ශාලාවේ පැවති වාර්ෂික සමුළුවේදීය.

දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දේශපාලන පක්ෂ හයක් එක්ව ලිපියක් ලියමින් ඉකුත්දා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුනේ ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මැදිහත් වන ලෙසයි.

එම ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීම ඒකීය රාජ්‍ය ව්‍යුහයක් අනුමත කිරීමක් ලෙසින් ප්‍රතික්ෂේප කරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කියා සිටින්නේ නිශ්චිත අනන්‍යතාවක් සහිත ජාතියකට  එක රටක් තුල තවත් ජාතියක් සමග එකම රටක් තුල ජීවත් වීමට හැකි වන්නේ ජාතීන්ගේ ස්වයං නිර්ණය මත පදනම් වූ පෙඩරල් පාලන ව්‍යුහයක් බවයි.

''එක රටක් තුල රාජ්‍ය දෙකක් කියන දේශපාලන විසදුම ලබා දෙන්න ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ලංකා ආණ්ඩුවට බලපෑම් කළ යුතුයි.''



තවත් තීන්දු

 දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු හා පළාත් පාලන නියෝජිතයන්, දිස්ත්‍රික් හා ආසන සංවිධායකයන් හා බහුජන සංවිධාන නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වාර්ෂික සමුළුවේදී තවත් ප්‍රතිපත්තිමය තීරණ රැසකට එළඹ තිබේ.

# දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට සටන් කිරීම,

# බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් ගැන ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාවය හා එය දිනා ගැනීම සඳහා අඛණ්ඩව අරගල කිරීම,

# දෙමළ ජනසංහාරය හා යුද අපරාධ ගැන පුර්ණ ජාත්‍යන්තර විමර්ශනයක් ලබා ගැනීම,

# යුද්ධය අවසන් වූ පසුවත් දිගින් දිගටම කෙරෙන වර්ග සංහාරය වහා නවත්වන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම,

# දෙමළ දේශයේ මුහුදු සම්පත් හා ආර්ථිකය රැක ගැනීම,

# උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් කොල්ල කමින්, දෙමළ ජනයාගේ ඉතිහාසය සිංහල බෞද්ධකරණය කිරීමේ කුමන්ත්‍රණය පරාජය කිරීම,

# කඳුකර දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් එක්ව හඬ නැගීම,

# හිටපු සටන්කාමීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන් දුගී දුප්පත්කමින් මුදා ගැනීම සහ

# උතුරු නැගෙනහිර පුරා මත් ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණය පරාජය කිරීම ආදී යෝජනා මෙහිදී සම්මත වී තිබේ.

TNPF 2

TNPF 1

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්