ආක්‍රමණික රුසියානු හමුදා අසල්වැසි යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු නගරවලට දැන් දින ගණනාවක් මුළුල්ලේ දැවැන්ත ප්‍රහාර එල්ලකරමින් ඉන්නවා.



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින්ගේ උත්සාහය වෙලා තියෙන්නේ යුක්රේනය අත්පත් කරගෙන යුක්රේනයේ රුසියාවට පක්ෂපාතී පාලනයක් ස්ථාපිත කිරීම.

පැහැදිලිවම දෙපැත්තේම විශාල පිරිසකට මේ දින කිහිපයෙදි ජීවිත අහිමි වෙලා.

කීව් නැත්නම් කියෙෆ් කියන්නේ මමත් මගේ තරුණ කාලය ගත කළ නගරය.

වසර හයක් මටත්, දශක ගණනාවක් මා ඇතුළු දහස් සංඛ්‍යාත විදේශික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැකවරණය දුන් ඒ සුන්දර නගරය රුසියානු මිසයිල් සහ ගුවන් ප්‍රහාරවලින් විනාශවෙමින් තියෙන හැටි මම වේදනාවෙන් බලාගෙන ඉන්නවා. ආදරයෙන් අප රැක බලාගත් ඒ නගරයේ ජනතාව විඳින වේදනාව මටත් දැනෙනවා.

කොහොම වුනත් යුක්රේනයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් කියන්නේ යුක්රේනය යටත්වෙන්න සූදානම් නැහැ කියල.

මොන රටේ වුනත් යුද්ධය කියන්නේ අතිශය කුරිරු, අමානුෂික, තිරිසන් ක්‍රියාදාමයක්. කිසිම යුද්ධයකට මානුෂික අරමුණක් තියෙන්න බැහැ.

ඒ නිසා ඒකාධිපති පූතින්ගේ මේ කුරිරු ආක්‍රමණය මම දැඩිව හෙලා දකිනවා.

එහෙම කියන ගමන්ම මම කියන්නේ යුක්රේන පාලකයින්ට වගේම බටහිර ලෝකයටත් වගකීමක් තිබුණ කියල පූතින් මෙතෙන්ට තල්ලු නොකර ඉන්න.

මම එහෙම කියන්නේ ඇයි?

වීඩියෝව නරඹලා, ඔබේ අදහසත් කියන්න.  

ද්නිප්රෝ කියන නගරයේ ඉන්න ව්‍යාපාරික සිසිර විජේසේකර එක්කත්, ලංකාවේ හිරවෙලා ඉන්න යුක්රේන තරුණියක වන දාරියා ෆොනීනා එක්කත්, ජර්මනියේ ඉන්න දේශපාලන විශ්ලේෂක රංජිත් හේනායක ආරච්චි එක්කත් මම කතා කළා.

එයාල කියන දේත් අහල බලන්න.


- සරෝජ් පතිරණ ( 'Sandeshaya by Saroj' නාලිකාව වෙනුවෙන්)

 

 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්