1200 x 80 DMirror

තමාගේ හා තම පවුලේ සාමාජිකයින්ට ජිවිත තර්ජනයක් පවතින බැවින්, ඒ වෙනුවෙන් සහනයක් පතා, 'සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ

ජාතික අධිකාරිය' වෙත පැමිණිලි කිරීමට 'හිරු' මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම තීරණය කර ඇත.

තමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙසට අධිකරණය විසින් පොලිසියට ලබා දුන් නියෝගය මෙතෙක් ඉටු වී නොමැති බවත් ඔහු කියා සිටියි.

 පසුගිය පෙබරවාරි 14 දා උදැසන සිය නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම, සිය ජීවිත ආරක්ෂාව පතා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙබරවාරි 18 දා  ජනාධිපති නීතිඥ කුවේරා ද සිල්වා මාර්ගයෙන් පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සම සලකා බැලු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස පොලිසියට නියෝගයක් කර තිබිණ.

කෙසේවුවද එම අධිකරණ නියෝගය මෙතෙක් මෙතෙක් ක්‍රියාත්මක නැති බවත්, තමන්ගේ නිවසට පහරදුන් කිසිඳු අයකු පිළිබඳව හෝඩුවාවක් හෝ සොයාගැනීමට පොලිසිය අසමත්වී ඇති බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසයි.

ඒ අනුව, සිය නිවෙසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොපැවැත්වෙන බව පවසමින් සමරවික්‍රම හෙට (28) දිනයේදී සිය නීතීඥයන් මාර්ගයෙන් යළි අධිකරණ මාර්ගයට පිවිසීමට සූදානමින් සිටියි.


සබැඳි පුවත් :


චමුදිතගේ නිවසට පහර දීම : අධිකරණයෙන් නියෝගයක්

 

Leader Whats app

  

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය