1200 x 80 DMirror

පෙබරවාරි 24 වෙනි දින හිමිදිරි යාමයේ රුසියාව අසල්වැසි යුක්රේනය ආක්‍රමණය කළාට පස්සේ ලක්ෂයකට වැඩි ජනකායක් රටින් පලා යමින් ඉන්නවා.  



පෝලන්තය සහ යුක්රේනය අතර තියන දේශසීමා මුර කපොලු හය ආසන්නයේ කිලෝමීටර ගණන් දිගට පෝලිම්.

දවස් හතරක් ගෙවල කීව් අගනුවර ඉඳල ආපු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකකුත් මේ එක පෝලිමක ඉන්නවා. ඔහු, වසර විස්සකට වැඩි කාලයක් යුක්රේනයේ වාසය කරන ලලිත් ප්‍රනාන්දු.  

බ්‍රහස්පතින්දා ඔවුන් අගනුවරින් පලා යන වෙලාවේ ඔහුගේ බිරිඳ, ඉලන්කා රොද්‍රිගු එවපු වීඩියෝවක් 'Sandeshaya by Saroj' මීට කලින් ඔබට ඉදිරිපත් කළා.  

ඉතින් මේ වෙනකොට තත්වය කොහොමද කියල බලන්න මම ලලිත්ට කතා කළා.

ඔහු මා එක්ක හරිම අනුවේදනීය කතාවක් කිවුව.

දවස් හතරක ගමනේ අත්දැකීම් ගැන, යුද්ධයේ ආදීනව ගැන වගේම යුද්ධය නිසා මතුවෙමින් තියෙන අපූරු මිනිසත්කම් ගැන ලලිත් මට විස්තර කළා.

ඒ කතාව අහන්න වීඩියෝව බලන්න.

මේ ගැන ඔබේ අදහසත් සටහන් කරන්න.

මේ වාර්තාවලට ඔබ කැමති නම් Subscribe බොත්තම ඔබන්නත් අමතක කරන්න එපා.

('Sandeshaya by Saroj' නාලිකාවට සරෝජ් පතිරණ ලන්ඩන් නුවර සිට)


 

 

Leader Whats app

  

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය