theleaderlk 01

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල

හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත්ව තිබේ.

චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගියදා පැවසුවේ 12000 ක තම චෙච්නියානු සටන් කාමීන් රුසියානු හමුදා සමග එකතු වී යුක්රේන හමුදාවන්ට එරෙහිව යුද වැදීමට සුදානම් බවයි.

චෙච්නියානු විශේෂ බළකාය මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව සහ දැඩි අමානුෂික ක්‍රියාමාර්ග ගන්නා හමුදාවක් ලෙස ලෝකයේ ප්‍රසිද්ධ වී සිටියි.

යුක්රේනයට පැමිණ චෙච්නියා විශේෂ බළකා කණ්ඩායමක් ඔවුන් පැමිණ යුද ටැංකි 56 ද සමගින් යුක්රේන හොස්ටොමල් නගරය ආසන්නයේදී යුක්රේන හමුදාවේ මිසයිල ප්‍රහාරයකට ලක් ව සුනු විසුණු වී ඇත.

මෙම කණ්ඩායම යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි බව 'ඬේලි මේල්' වෙබ් අඩවිය පවසයි.

කොපමණ සෙබළු සංඛ්‍යාවක් මියගොස් ඇත්දැයි ප්‍රකාශ කර නැතත් මියගිය සෙබළුන් අතර චෙච්නියානු ජෙනරාල් මගෝමෙද් ටුශෙව් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

(උපුටා ගැනීම් - lankadeepa.lk)

 

Each one of the Chechen special forces 'hunters' was reportedly given a 'deck of cards' that specified which Ukrainian officials to target

 
 

Leader Whats app

 

 

 

නවතම පුවත්