නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදියකුට පහර දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන්ගේ ආධාරකරුවෙක් මාර්තු

මස 4 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබේ.

 පෙබරවාරි 28 වැනි සදුදා පෙරවරුවේ එරාවුර් පොලීසිය විසින් වේලුපිල්ලෙයි නන්දන් නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ IBC මාධ්‍ය ආයතනයේ මඩකලපුව ප්‍රාදේශීය වාර්තාකරු ලක්ෂ්මනන් දේවප්‍රදීපන්ට පහරදීමේ චෝදනාව මතය.

 පොලීසියේ සාක්ෂි විමසීමෙන් පසුව සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ කලුවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට වැඩි දුරටත් නියෝග කර ඇත්තේ, පහරකෑමට ලක් වු මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනය පොලීසිය භාරයට රැගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

 අධිකරණ නියෝගයෙන් පසු චෙන්කලඩි රෝහලට පැමිනි පොලීසිය තමන්ගේ ජංගම දුරකථනය ලබා ගත් බව පහරකෑමෙන් පසු මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන මාධ්‍යවේදී දේවප්‍රදීපන් සදහන් කරයි.

මාධ් යවේදී ඉලට්සුමනන් දේවප් රදීපන්

IBC මඩකලපුව වාර්තාකරු ලක්ෂ්මනන් දේවප්‍රදීපන් පහරකෑමකට ලක්ව රෝහලේ..

 

පෙරවාරි 26 වැනිදා පෙරවරුවේ මාධ්‍යවේදී ලක්ෂ්මනන් දේවප්‍රදීපන් පහරකෑමකට ලක්ව තිබුනේ මඩකලපුවේ පැවති විරෝධතාවක් වාර්තා කරමින් සිටියදීය.

 හදිසි අනතුරකින් මියගිය ප්‍රදේශයේ සමාජ සේවකයකු සිහිකිරීම වෙනුවෙන් 2014 වසරේ ඉදිකර තිබූ බස්නැවතුම්පළක් කඩා විනාශකිරීමට එරෙහිව මිය ගිය අයගේ පවුලේ ඥාතීන් විසින් දියත් කළ විරෝධතාවයක් වාර්තාකිරීමට මාධ්‍යවේදියා එම ස්ථානයට ගොස් තිබුනි.

 විරෝධතාවය පැවති ස්ථානයට රාජ්‍ය  අමාත්‍ය වියාලේන්ද්‍රන්ගේ මාධ්‍ය සම්බන්ධිකාරකයකු සහ ආධාරකරුවකු පැමිණ ඇති අතර ඔවුන් විරෝධතාකරුවන් සමග කතාබහ කරන අවස්ථාවේ මාධ්‍යවේදියා විසින් එය ඡායාරූපගත කරමින් සිටින අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයාගේ ආධාරකරුවා මාධ්‍යවේදියාට පහරදී ඇතිව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

 

බස්නැවතුම්පොල ඊට දින කිහිපයකට‌ පෙරදී කඩා විනාශ කර ඇත්තේ අමාත්‍ය වියාලේන්ද්‍රන්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් බවට විශ්වාස කෙරේ.

 

මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන වේලුපිල්ලෙයි නන්දන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සේවය කරන ලබන රජයේ සේවකයකු බවද පළාත් බද මාධ්‍යවේදීහු  වැඩි දුරටත් සදහන් කරති.

රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ගේ ආරක්ෂක භටයකු පසුගිය අවුරුද්දේ කළ වෙඩි තැබීමකින් රියැදුරකු මරුමුවට පත්වී තිබුණි.

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්