රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු විශේෂිත රෝහල,

රෝගීන් සදහා ප්‍රශස්ත සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ.


''මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ නෑ. එක තැනක කතා වෙලා තියෙනවා මේ රෝහල සුදු අලියෙක් විදියට තියෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ. ඒක ඇත්ත. අද මේ රෝහලේ එකසැරේ ප්‍රතිකාර කරන්න පුළුවන් රුධිර පිරිසිදු කිරීම් 100ක් තියනවා. අද රෝගීන් 22කට විතරයි කරන්නේ."

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සදහන් කර ඇත්තේ සති අන්තයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

මුළු රටේම වකුගඩු රෝගීන් වෙනුවෙන් තිබෙන රෝහල මේ වන විට පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරියට මෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට කතා කලද ඉන් කිසි ප්‍රයෝජනයක් නොවු බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු ද වන මෛත්‍රීපාල සිරිසේන එහිදී සදහන් කර තිබේ.

"මම මේ රෝහල වෙනුවෙන් මගේ තත්වයෙන් පල්ලෙහාට ගිහිල්ලා හැමෝටම කතා කරා. නමුත් අද මේ රෝහල හරි විදියට ක්‍රියාත්මක කෙරෙන්නේ නෑ. අධි තාක්ෂණික උපකරණ එන්න එන්න ම අභාවයට යනවා. මම කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිතුමාට කතා කළා. හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට කතා කළා. ඒ එකකින්වත් වැඩක් වුණේ නෑ. රෝහල එන්න එන්නම අභාවයට යනවා. "

රෝහලේ අධි තාකෂණික උපකරණ වලට මේ වන විට අත්වී ඇති ඉරනමද හිටපු ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කර තිබේ.


"තව ටික දවසකින් මේකෙ තියෙන අධි තාක්ෂණික උපකරණ පාවිච්චි නොකර විනාශයට යනවා. මේ මුළු ලංකාවෙම වකුගඩු රෝගීන්ට තියෙන රෝහල. දුර බැහැර ඉඳන් රෝගීන් එනවා. ඒ අයට සේවාවක් සලකන්න. seeti මැෂින් එක අද වැඩ කරන්නේ නැහැ. මම කෑගහලා යන්තම් ඒක හදාගත්තා. කෝටි විස්සක් විසි දෙකක් වෙනවා. නිකරුනේ දිරාපත් වෙනවා."


මෙම රෝහල සදහා අධ්‍යක්ෂකවරයෙක් පත් කිරීමට තවමත් කටයුතු කර නොමැති බවට චෝදනා කරන හිටපු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ  ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි.

අක්කර 16ක වපසරියක මාස 30ක කාලයක් ඇතුළත රුපියල් බිලියන 12ක් වැය කරමින් පොළොන්නරුවේ ඉදිකරන ලද ජාතික වෘක්කවේද විශේෂිත රෝහල 2021 ජූනි 11 වැනිදා විවෘත කර තිබුනේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

රෝහල ඉදිකිරීම ආරම්භ වුයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරය දරන සමයේය.



හැමදේටම "යර්ස් සර්"


ගොවීන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් සම්මේලනයේ දී අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා චෝදනා කර ඇතතේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන සෙසු ජනතා නියෝජිතයන් තිදෙනා ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් කතා නොකරන බවයි.


"මම පුළුවන් හැම තැනම ගොවීන්ගේ ප්‍රශ්නේ ගැන කතා කරනවා මට කතා කරන්න පුළුවන් හැම අවස්ථාවෙම ඒ ගැන මම කියනවා .මම හැරුනුකොට පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරු තුන්දෙනෙක් ඉන්නවා. ඒ කිසිම කෙනෙක් මේ ගොවීන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් කතා කරන්නේ නෑ. හැමදේටම "යර්ස් සර්" , "ඔවු සර්" කියලා කාලෙ ගෙවනවා.

අද රට මෙහෙම දුකෙන්. හැමතැනම තියෙන්නේ අඳෝනාවක්. ජන ජීවිතය විනාශ වෙලා. දිළිඳුකම ඉහවහා ගිහිල්ලා. මිනිස්සුන්ගේ දෛනික ජීවිතය විනාශ වෙලා." මෛත්‍රීපාල සිරිසේන හිටපු  ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.

001545 1001545 2

 

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්