උතුරු පළාත් ඉඩම් කොමසාරිස්වරයාට බලතල ලබා නොදී ජංගම සේවා පැවැත්වීමෙන් ඉඩම් ගැටළුවලට විසදුම් නොලැබෙන බව වන්නියේ

දේශපාලනඥයකු පෙන්වා දී තිබේ.

පළාතේ පවතින ඉඩම් ගැටළු නිරාකරණය සඳහා ජංගම සේවාවක් ඉඩම් අමාත්‍යංශය මගින් ඉකුත් සති අන්තයේදී වවුනියාවේදී පැවැත්විණි.

''මේක හොඳ වැඩක්. ඒත් අපේ ජනතාවට මෙම ජංගම සේවය විශ්වාස කරන්න බැහැ. ජනතාව එන්නේ කාලයක් පුරා ඇදෙමින් තියෙන තමන්ගේ ඉඩම් ගැටළු වලට විසදුම් සොයා ගෙන. ඒත් මෙතෙනදී ලැබෙන්නෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලැබෙන උත්තරය තමයි,'' යැයි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ඉඩම් ජංගම සේවයේ ආරම්භක උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පවතින ඉඩම් ගැටළු කඩිනමින් විසදීම සඳහා කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත යුතු බවයි.

''ඉඩම් ප්‍රශ්න කෙලින්ම විසඳිය හැකි පරිදි සෘජු තීන්දුවක් කැබිනට් මණ්ඩලය ගන්න ඕනෑ. ඒත් එක්කම උතුරු පළාත් ඉඩම් කොමසාරිස්වරයාට බලතල දෙන්න ඕනෑ. බලතල දීලා තියෙන්නේ කියලා ආණ්ඩුව කියනවා ඒත් එකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. එහෙම බලයක් තියේනම් ඉඩම් කොමසාරිස්ට පුළුවන් කිසි කරදරයක් නැතිව මේ ගැටළු විසදන්න.''

''මේ ඉඩම් ජංගම සේවය අපේ මිනිස්සු රැවටීමක්'' ඔහු කියයි.

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්