සාගර සීමා උල්ලංඝනය කිරීමේ වරදට මියන්මාරය තුළ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනකුට එරට රජය සමාව ලබා දී තිබේ.

 

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින සුහද ද්වීපාර්ශ්වික සබඳතා, මානුෂීය හේතූන් සහ මියන්මාර එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම යනාදිය සැලකිල්ලට ගනිමින්, මියන්මාර සමූහාණ්ඩුව විසින් එම පිරිසට සමාව ලබා දී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

මෙරට ධීවරයන් හත් දෙනකු රැගත් “තුෂාන් පුතා” IMUL-A-0741NBO නමැති ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රාව, මියන්මාර මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ චෝදනා යටතේ, 2021 දෙසැම්බර් 3 වැනි දින මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුනි.

එහිදි යාත්‍රාවේ නායකයාට වසර හතක සිර දඬුවමක් හා කාර්ය මණ්ඩලයට වසර පහක සිර දඬුවමක් නියම වී තිබේ.

යැන්ගොන් හි ඉන්සයින් බන්ධනාගාරයේ රඳවා තැබූ ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසට අවශ්‍ය කොන්සියුලර් සහය ලබා දීමේ කටයුතු, විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය සහිතව සම්බන්ධීකරණය කොට පහසුකම් සලසන ලද බව විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්තු 2වැනිදා නිකුත් කළ නිවේදනයක සදහන්ය.

"අනිවාර්ය පීසීආර් (PCR) පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව, මෙම ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර රජය සමඟ සම්බන්ධීකරණයෙන් 2022 මාර්තු 06 වැනි දින මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ය." එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය

 

 Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්