ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ඊයේ පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය කමිටුවේදී සාකච්ඡා කර ඉදිරි

තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අදාළ වැඩසටහනට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආරාධනා කර නොතිබුණු බවයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් එය සංවිධාන කර තිබුණ ද එහිදී ප්‍රකාශ වූ ඇතැම් කරුණු අනුමත කළ නොහැකි බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ එවැනි ප්‍රකාශවලට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා දැක්වූ ප්‍රතිචාරය අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.



ජනපතිට හා අගමැතිට සෘජු විවේචනයක් නැ !


 “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී ඊයේ (02) පස්වරුවේ පැවති අතර එම උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් දෙදෙනා වන්නේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්තයි.

මොවුන් දෙදෙනාම අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතුන් වීම සුවිශේෂී කාරණයකි. පසුගිය මහ මැතිවරණයේදී අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත දිනවීම සඳහා කොළඹ දිස්ත්‍රීක්කයේ රැස්වීම ගණනාවක් ද ඇමතීය.

විනය පරීක්ෂණය කතාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත පැවසුයේ, තමන්ට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු දැනුවත්වීමක් නොමැති බවයි.

ඊයේ පැවති මෙම වැඩසටහනට ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 දෙනෙකුට වැඩි පිරිසක් එක්ව සිටියේය.

එසේම, මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන යන නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම උත්සවට සහභාගී වී සිටියහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකුම මෙම රැස්වීම ඇමතු අතර ඒ කථිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට හෝ අගමැති මහින්ද රාජපක්ෂ ට සෘජුව විවේචනය නොකිරීමට ප්‍රවේසම් සහගතව තිබිණ.


‘ජනතා ගැටළු කතා කරන්න ආණ්ඩුවේ තැනක් නෑ‘‘


ආණ්ඩුවේ පක්‍ෂ 11කට වෙනම වේදිකාවකට ගොඩවී රටේ සහ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නට සිදුවූයේ රටේ ප්‍රශ්න කතා කිරීමට ආණ්ඩුව තුළ වේදිකාවක් නැති නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම උත්සවය අමතමින් අවධාරණය කර සිටියේය.

ආණ්ඩුවේම පක්‍ෂ 11ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනකු වෙනම වේදිකාවකට ගොඩවීම ආණ්ඩුවට හොඳ දෙයක් නොවන බවත්, තමන් මෙතැනට වැට්ටවීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටේ ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමේදී ආණ්ඩුව නම්‍යශීලී සහ නිහතමානී විය යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන, ගතවූ වසර දෙකේදීම රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවාදයක්, සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් ලැබී නැතැයි ද කීවේය.




මෙම රැස්වීම ඇමතු අමාත්‍ය විමල් විරවංශ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඇතැම් ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනය කලේය.

 

 

විමල්ලට මහින්දගෙන් සැර ප්‍රහාරයක්! | අද ගොසිප් එක | The Leader TV

 

අදින් පසු ආණ්ඩුව දෙකඩ වෙයිද? | අද ගොසිප් එක | The Leader TV

 Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්