theleaderlk 01

පැරසිටමෝල් පෙත්තක මිල ඉහල දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව පැරසිටමෝල් පෙත්තක නව මිල ලෙස රුපියල් 2.50ක්

ලෙස දැක්වේ.

මිට පෙර පැරසිටමෝල් පෙත්තක් සඳහා නියම කර තිබු මිල වුයේ රුපියල් 1.71ක් ලෙසයි.

නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පෙබරවාරි මස 28 වනදා සිට ක්‍රියාත්මකවන පරිදිය.

 




රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පවතින්නේ සති 6කටයි.

මේ අතර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය පවසන්නේ, තවත් සති 3ත් – 6ත් අතර කාලයකදි මෙරට තුළ ඖෂධ හිගයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.

එම සංගමයේ සභාපති සංජීව විජේසේකර පැවසුවේ රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග තවත් සති කිහිපයකින් අවසන්වීමට නියමිත බවයි.

මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව ප්‍රායෝගික නොවන මිල රෙගුලාසි සහ ඩොලර් අර්බුදය බව ඔහු පෙන්වා දෙයි.

සංජීව විජේසේකර මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

භාණ්ඩ ප්‍රවාහනයේ ඇති අභියෝග සහ ඖෂධ සදහා වන අමුද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි ගෝලීය ගැටලු මෙම කර්මාන්තයට බලපෑම් කර ඇති බව ද ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය වැඩිදුරටත් පැවසීය.



අර්බුදවලට හේතුව රජයේ මන්ත්‍රීවරයෙකු ම කියයි


පැරසිටමෝල් පෙත්තේ සිට බඩුමිල ඉහළයාම හා රට මුහුණදී සිටින බරපතල ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රට පුරා බලවත් විරෝධයක් මතුව ඇති අතර කළමනාකරණය කර ගත හැකි ගැටළු නිසි සැලැසුමක් යටතේ කළමනාකරණය කර නොගැනීම රට තුළ මතුව ඇති අර්බුදවලට හේතුව බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කලේ, ඊයේ රාත්‍රීයේ ප්‍රචරය වූ 'නෙත් එෆ් එම් අන්ලිමිටඩ්' වැඩසටහනට එක්වෙමිනි.

 

 

 

Leader Whats app