1200 x 80 DMirror

නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය.


විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අධ්‍යාපන අමාත්‍ය ධුරය වෙනුවට කර්මාන්ත අමාත්‍ය ධුරය බාර ගන්නැයි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.



බැසිල්වාදීන් ගෙන් ජනාධිපතිට බලපෑම් !



විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් වහාම ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ බැසිල්වාදී මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් අද (03) ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලය අද (03) දහවල් පැවැති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රැස්වීමකදී ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමග ඊයේ (02) රැස්වීමක් පවත්වා ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවද වාර්තා වේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් ආණ්ඩුව පිහිටු වූ දා සිටම ආණ්ඩුවට එරෙහිව කටයුතු කර ඇති බැවින්, ඔවුන් සමග ඉදිරියට ගමනක් නැති බව ඇතැම් මැති ඇමැතිවරුන් මෙහිදී පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ .

එබැවින් ඔවුන් ඉවත් කර ආණ්ඩුව අලුත් ගමනකට මුල පිරිය යුතු බවද එම මැති ඇමැතිවරුන් එහිදී සදහන් කර ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මෙම තිදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ වෙනත් ගමනක් යාමට සූදානම් වන බවත් , ඊට ඉඩදිය යුතු නැති බවත් එම මැති ඇමතින් පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත .

අගමැති මහින්ද රාජපක්ෂ, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ආචාර්ය සරත් වීරසේකර, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය ඇමතිවරුන් වන කාංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, මධුර විතානගේ, ම්ලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන යන පිරිසක් ඊට සහභාගී වී තිබිණ.

අගමැති මහින්ද රාජපක්ෂ මෙම රැස්වීමේදී කිසිවක් ප්‍රකාශකර නොමැත.

ඊයේ පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 රැස්වීම ඇමතු අමාත්‍ය විමල් විරවංශ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඇතැම් ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනය කලේය.

Leader Whats app

 

 
 
 
 

 

 

 

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය