ඉදිරි වසර 10 තුළ සි ආසියානු කලාපයට ගෝලීය නායකයාගේ කබාය භාර ගැනීමට හැකි වනු ඇති බවට අනාවැකි පළ කරන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ,  ගෝලීයකාරණා සම්බන්ධයෙන් ඉදිරියට ගොස් පෙරමුණ

ගන්නා ලෙස ආසියාවෙන් ඉල්ලා සිටියි.

හිටපු අගමැතිවරයා එබව සඳහන් කලේ, යුක්රේනයේ ගැටුම් සහ ආසියාවට එහි බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර තිබු ගැටළු පදනම් කරගනිමින් සිදු කල මෙම සාකච්ජාව මෙහෙයවනු ලැබුවේ ඉෂිනි කවීශා යි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කර ඇති බව ආසියාව පිළිගෙන ඇති නමුත්, රටට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් නොසැලී සිටින බවයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආසියා පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපතිවරයා ලෙසත්, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ උප සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ හිටපු රොබට් ඊ.විල්හෙල්ම් සාමාජිකයෙකි.

 

 

Leader Whats app

 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්