අද දිනයේද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට වාර්තා වේ.



ඒ  අනුව ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට ලබා දෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. ඔහුට අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අරුන්දික ප්‍රනාන්දු ද අද දිනයේ යලි රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දීමට නියමිතව ඇතැයි ඉහත ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඇතුළු පිරිසක් පසුගිය පෙබරවාරි 01 වන දින රාත්‍රියේ රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයයෙදී වෛද්‍ය සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය මත අරුන්දික ප්‍රනාන්දු ඇමැතිධුරයෙන් ඉවත්කල ජනාධිපතිවරයා, එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ සභාපතිත්වයෙන් යුතුව කමිටුවක් පත්කරනු ලැබිය.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් විය.

එම කමිටුවේ වාර්තාව මේවනවිට ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර එම වාර්තා මගින් අරුන්දික ප්‍රනාන්දු නිර්දෝෂී අයෙකු බව නිගමනය කරන බව පෙන්වා දී ඇතැයි වාර්තාවේ.


වාසුගේ පක්ෂයේ තීන්දුව !


බැසිල් රාජපක්ෂගේ බලපෑම් මත ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සන්ධානයේ නායකයින් දෙදෙනෙකු වන විමල් විරවංශ හා උදය ගම්මන්පිල ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ලැබිය.

එම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අමාත්‍ය වාසුදේව නානායක්කාර නායකත්වය දරන 'ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ' මාධ්‍ය කාරක සභාව ඊයේ රාත්‍රී රැස්ව ඇති අතර එහිදී දේශපාලන තීන්දු තීරණ රැසක් ගෙන ඇතැයි වාර්තා වේ.

රට මුහුණදී සිටින බරපතල අර්බුදය පෙන්වා දෙමින්, මුළු රටම හරි මගට ගෙනඒමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් යෝජනා කල ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව 'ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ' දැඩි පිළිකුලෙන් හෙළ දැක ඇත.

ගැටලුව විසඳ ගන්න තෙක් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කැබිනට් රැස්වීම වලට සහභාගී නොවියුතු බවටත්, අමාත්‍යංශ රාජකාරිවලින් බැහැරවිය යුතු බවටත් එම පක්ෂය තීන්දු කර තිබේ. 


ජනපති ගෙන් වාසුට දුරකථන ඇමතුමක් !


ජනාධිපතිවරයා ඊයේ අමාත්‍ය වාසුදේව නානායක්කාරට දුරකථන ඇමතුමක් ලබාදෙමින්, අභ්‍යන්තර ගැටළු සාමකාමී ලෙස විසඳා දැනීමට යෝජනා කර ඇතැයිද වාර්තාවේ.

එසේම අගමැති මහින්ද රාජපක්ෂ ද හිටපු අමාත්‍ය විමල් විරවංශ වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් අභ්‍යන්තර ගැටළු විසඳා ගැනීමට තම පෞද්ගලිකව ම මැදිහත්වන බව ප්‍රකාශකර ඇතැයි ද පැවසේ.

කෙසේවුවද බැසිල් රාජපක්ෂගේ හා ඔහුට හිතවත් මැති ඇමති වරුන්ගේ බලපෑම් හමුවේ ජනාධිපතිවරයා අසරණවූ බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය. ආණ්ඩුවේ ජාතිකවාදී මතවාදය නියෝජනය කල කණ්ඩායම සමග මෙලෙස ගැටුමකට යාම ආණ්ඩුවේ සෞඛ්‍යට හිතකර නැති බවද එම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. 
 
 
 

Leader Whats app

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image