1200 x 80 DMirror

මීට අවුරුදු විසිපහකට පෙර මැලේසියාවෙ එවක අගමැති මහතීර් මොහොමඩ් ගත් ක්‍රියාමාර්ග බරපතල අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට හොඳ

ආදර්ශයක් බව ආචාර්ය රංග කලන්සූරිය පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමිනි. ඔහු එහිදී මෙසේ සඳහන් කරයි.

''රටක නායකයෙක් ඉතා හොඳ සවන්දෙන්නෙක් විය යුතුයි. ප්‍රශ්නය හොඳින් අවබෝධ කරගන්න, ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ට සවන් දෙන්න, ඔවුන්ගේ උපදෙස් තේරුම් ගන්න, ඒවා අභිබවා නොයන්න තරම් උද්ද්ච්ච නොවිය යුතු බව එදා මහතීර් මොහමඩ් පෙන්වා දුන්නා.

එදා අග්නිදිග ආසියාවේ මූල්‍ය අර්බුදය ඇති උනාම දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල් IMF එකට යන්න තීරණය කරනකොට මහතීර් දැඩි තීරණයක් ගත්තා IMF එකට නොගිහින් තමන්ගේම ක්‍රමවේදයකට රට ගොඩ ගන්න. ඔහු ඒකට ආරාධනා කළේ මූල්‍ය ක්ෂේත්‍රයේ, ආර්ථික ක්ෂේත්‍රයේ පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ට මිසක් අල්ලෙන් පල්ලෙන් වැටිච්ච වියත්තුන්ට නෙමෙයි.

මේ ප්‍රවීනයින් ඊට කලින් මේ වගේ අර්බුද ඇතිවුණු රටවලට ගිහින් ප්‍රශ්නය අධ්‍යයනය කළා. විසදුම් හෙව්වා. ආපසු මැලේසියාවට ඇවිත් පිටු සිය ගණනක වාර්තාවක් අගමැතිවරයාට දුන්නා.

මහතීර් ගෙ කැපවීම කොච්චර ද කියනවා නං, ඔහු සතියක් නිවාඩු අරගෙන ලංකවි කියන දූපතට ගිහින් මේ වාර්තාව අධ්‍යයනය කරලා ඔහුගේ වැඩ පිලිවෙල සකස් කළා.

අර්බුදය ඇතිවුනේ 1997 ජූලි විතර. 1998 අප්‍රේල් වෙනකොට මහතීර් සිය වැඩපිළිවෙළ දියත් කළා. ඊට අවුරුදු පහකට පස්සෙ IMF එක නිවේදනය කළා, අපි උදව් කළ රටවලටත් වඩා හොඳට මැලේසියාවෙ ප්‍රශ්නෙන් ගොඩ ආවා කියලා. ඒ කියන්නෙ මැලේසියාව තමයි හොඳට ම කළේ කියලා.

මේ තමයි අර්බුදයක් තියෙන වෙලාවක මතුවෙන  දූරදර්ස්ශී නායකත්ව ලක්ෂණ.''
 

 

 
 

Leader Whats app

 

 

 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය