මුදල් අමාත්‍ය බැසිිල් රාජපක්ෂ සිය විශ්‍රාම දිවිය ගත කරන්නේ ඇමෙරිකාවේ බවත් ඒ අනුව ඔහු ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවැසීය.


බැසිල් රාජපක්ෂ ට විරුද්ධව ඇමෙරිකාව විසින් මුදල් විශුද්ධීකරණ චෝදනාව යටතේ නඩු පැවැරීමට හැකියාවක් ඇති බවත් එයින් ආරක්ෂා වීම සඳහා ඔහු ඇමෙරිකානු කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියි.

ඔහු එබව කියා සිටියේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද උදේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.


''ගෝඨාභය යටතේ මින් ඉදිරියට ඇමැති ධූර බාර ගන්නේ නෑ''



වර්තමාන ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට ඇමතිධූර  බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි  විමල් වීරවංශ එහිදී අවධාරණය කළේය.

තමා සහ ගම්මන්පිල තනතුරුවලින් ඉවත් කිරීම ගැටලුවක් නොවන බවත් තනතුරු තිබුණත් නැතත් තම කණ්ඩායමේ සටන දිගටම කරගෙන යන බවත් ඔහු පැවසුවේය.



'විපක්ෂයට යන්නේ නැ' - වාසු අමාත්‍ය ධූර කටයුතුවලින් ඉවත් වෙයි



මෙම මාධ්‍ය හමුව ඇමතු ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුයේ, අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන සගයින් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව යි.

කැබිනට් මණ්ඩලයද වර්ජනය කරන බව ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයා උදය සහ විමල් සම්බන්ධයෙන් ගත් තීරණය  අසාධාරණ එකක් බවද ඔහු කීවේය.

කෙසේ වෙතත්, තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව ඔහු පැවසීය.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට රජයේ නායකත්වය ගත් තීරණය වරදක් බව මුළු රට ම එක හඬින් ප්‍රකාශ කරන බව ද ඔහු අවධාරණය කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, තමන් ඇතුළු පිරිස විපක්ෂය සමග එකතු නොවන බව ය.

"ඒ ගැන යුක්තියක් මේ රජය කරන තුරු මට මගේ අමාත්‍ය ධූරයේ කටයුතු ඉටු කළ නොහැකියි. අමාත්‍යවරයෙක් හැටියට කැබිනට් රැස්වීම්වලට යාම හෝ ඇමතිවරයෙක් හැටියට මට මගේ වගකීම ඉටු කරන්න මට පුළුවන් කමක් නැහැ."



සබැඳි පුවත් :

'රට හරි මගට' ගන්න ගිය විමල්ට ඇමතිකම අහිමිවූ කතාව

අමුණුගම සහ අරුන්දික අද දිව්රුම් දෙයි !- වාසුගේ පක්ෂය තීන්දුවක් ගනී !!

වාසුදේව අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට යයි! - මහින්ද, විමල් ගැන කියපු කතාව!!

දිනේෂ් එපා කිව්ව විමල්ගේ ඇමතිකම එස්.බී බාරගනී

උදය කැබිනට්ටුවෙන් ඉවතට : පවිත්‍රාට හා ගාමිණිට නව අමාත්‍ය ධුර - දිනේෂ් බෑ කියයි  

'විමල්ලත් එක්ක බෑ' - බැසිල් කියයි : හදිසි කැබිනට් සංශෝධනයක්

විමල්ලාගේ රැස්වීමට ගිය 'මහින්දවාදීන්' දෙදෙනාට විනය පරීක්ෂණයක් !

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්