theleaderlk 01

යුක්රේනය නේටෝ සංවිධානය දෙසට තල්ලු කරනු ලැබුවේ රුසියානු ජාතිකවාදී ධනේෂ්වර නායක ව්ලදිමීර් පූතින් ගෙනගිය යටත් විජිතවාදී ප්‍රතිපත්තිය හේතුවෙන් බව දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පවසන නමුත්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ස්ථාවරයකි.  

හිටපු අගමැතිවරයා පවසන්නේ, යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව පොලඹවනු ලැබුවේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් බවය. මෙය පැහැදිලිවම වලක්වාගත හැකිව තිබූ යුද්ධයක් බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

යුක්රේනයේ කියෙෆ් (කීව්) අගනුවර උසස් අධ්‍යාපනය නිමා කළ ශ්‍රීනාත් වෙත්තසිංහ දරන්නේත් එයට සමාන අදහසකි.

මේ අතර 'සරෝජ් සමග සංදේශය' නාලිකාව සමග අදහස් දක්වමින් සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව හටගත් වාතාවරණය ගැන දීර්ඝ විශ්ලේෂණයක යෙදෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා අවධාරණය කරන්නේ, රුසියාවේ වත්මන් ජනාධිපතිවරයා ව්ලදිමීර් පූතින් වැනි ඒකාධිපති පාලකයෙකු නොවූයේ නම් යුක්රේනය නේටෝ වැනි සංවිධානයකින් ආරක්ෂාව නොපතනු ඇති බවය.

යුද්ධයේ අලුත්ම තොරතුරු සහ යුක්රේන්වාසීන් දක්වන අදහස් වීඩියෝ පටයේ.


  • සරෝජ් පතිරණ
    ('Sandeshaya by Saroj නාලිකාව වෙනුවෙන්)

සබැඳි පුවත් :
ඒ යුද්ධය වලක්වා ගත හැකිව තිබුණා යුක්රේන-රුසියානු අර්බුදය ගැන හිටපු අගමැති රනිල්ගෙන් විශේෂ සාකච්ඡාවක්

 

Leader Whats app

 

 

 

නවතම පුවත්