theleaderlk 01

අද පෙරවරුව වනවිටත් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක සිටි

 සී.බී. රත්නායකට වෙනත් අමාත්‍යංශයක් ලබාදෙමින් ආණ්ඩුව අභ්‍යන්තරයේ අත්වීමට ගිය තවත් බෙදීමක් වලක්වා ගැනීමට බැසිල් රාජපක්ෂ සමත්ව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව විමලවීර දිසානායක ට ද වෙනත් රාජ්‍ය අමාත්‍යංශයක් ලබාදී ඇතිවීමට ගිය තවත් අවුල් සහගත තත්ත්වයක් කළමනාකරණය කරගෙන ඇතැයි ද ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

තමාගේ දේශපාලන කටයුතු වලට දිගින් දිගටම බාධා කල එස්. බී. දිසානායකට ඉහල ශ්‍රේණියේ අමාත්‍ය ධුරයක් ලබාදීමට විරෝධය පළකරමින් වනජීවී හා වන සම්පත් රක්ෂණ අමාත්‍ය සී බී රත්නායක අද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව මාධ්‍ය වාර්තාවල සඳහන්විය.



විමල් විරවංශ හා උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් ආණ්ඩුවේ බැසිල් පාර්ශවය වෙත එල්ලකර ඇති අභියෝගය හමුවේ බැසිල් රාජපක්ෂගේ බලපෑම් මත ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් මේවනවිට සිදුකර තිබේ.



එම අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දී ඇත.

සී බී රත්නායක වනජීවී හා වන සම්පත් රක්ෂණ අමාත්‍යවරයා ලෙස ද දිලුම් අමුණුගම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද විමලවීර දිසානායක ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද අරුන්දික ප්‍රනාන්දු පොල් කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.


සී.බී. රත්නායක        -    වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
දිලුම් අමුණුගම          -    ප්‍රවාහන අමාත්‍ය
විමලවීර දිසානායක   -    ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය  
අරුන්දික ප්‍රනාන්දු     -    පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන  විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය



නව කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුම්දීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක පැවසුයේ, තමන් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර ගිය කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

එස්.බී. දිසානායකට ඇමැති ධූරයක් ලැබීම පිළිබඳ තමා තරම් කිසිවකු සතුටු නොවන බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයට කැබිනට් ඇමැති ධූර දෙකක් ඇති නිසා විශාල වැඩ කොටසක් කළ හැකි බවත් ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

9gsdf

9dfgr

9kjdfjk

9rtefrff

 

Leader Whats app

 

 

 

 

නවතම පුවත්