theleaderlk 01

විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් දෙදෙනා අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම

ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂගේ තනි තීරණයක් නොවන බව ප්‍රවාහන කැබිනට්  අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (4) පස්වරුවේ පැවසීය.

ඔහු කියා සිටියේ එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් බවයි.

ප්‍රවාහන කැබිනට් අමාත්‍ය දිලුම් අමුණුගම එසේ පැවසුයේ, බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ය.

එම හිටපු අමාත්‍යවරු ආමාත්‍ය ධූරවල කටයුතු කරමින් මුදල් අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලියට පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කී අමාත්‍ය දිලුම් අමුණුගම, එම තීරණය ඔවුන් දෙදෙනාට පමණක් එරෙහිව ගත් තීරණයක් නොව මීට පෙර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාට එරෙහිව ද ක්‍රියාත්මක කළ බව සඳහන් කළේය.



වර්තමාන ආණ්ඩුව පිහිටුවීමේ අදාල හිටපු අමාත්‍යවරු දෙදෙනා කළ සේවයේ ගෞරවය එසේම පවතින අතරම ඔවුන් අමාත්‍ය ධූරවලින් ඉවත්කිරීම පිළිබඳව සතුටක් නොමැති බවත් ඔවුන් මේ දක්වා ආණ්ඩුවෙන් ඉවත්ව නොමැති බවත් අමාත්‍ය අමුණුගම කීය.



ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක් පසුගියදා පැවත්වූ සමුළුවේදී ඉදිරිපත් කළ යෝජනා මාලාව යෝජනාවකට වඩා ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කිරීමක් බව කී අමුණුගම අමාත්‍යවරයා සඳහන් කළේ, එම ප්‍රතිපත්ති මාලාව ඉදිරි ඡන්දයක් ඉලක්ක කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වැනි බවයි.

පොදු ජන පෙරමුණේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරු එරෙහිව ද එම පක්‍ෂයේ විනය නීතිවලට අනුව ක්‍රියාත්මක වියයුතු බව ද අමාත්‍යවරයා කීය.



''ජනාධිපති තීන්දුව ගත්තේ අගමැතිතුමාත් කැඳවලා.. ''

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේ, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඉවත් කිරීමේ තීරණය ගැනීම සඳහා ජනාධිපතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ ද කැඳවූ බවයි.

එම රැස්වීමට මුදල් අමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරරු සහභාගී වූ බවත් සියලු දෙනාගේ අදහස් ලබාගෙන ජනාධිපතිවරයාට ඇති බලතල අනුව එම ඉවත්කිරීම ක්‍රියාත්මක කළ බවත් ඔහු සඳහන් කළේය.

බලශක්ති අමාත්‍යවරයා උදය ගම්මන්පිල සිය අමාත්‍ය ධූරයේ කටයුතු නිසි ලෙස ඉටුනොකරමින් අදාල නැති විෂයන් පිළිබඳව අදහස් ප්‍රකාශ කළ බව කී රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, ගම්මන්පිල මාධ්‍යයට කළ ප්‍රකාශ ජනතාව කළබල වී දිගු පෝලිම් නිර්මාණය වීම දක්වා වන වර්තමාන බලශක්ති අර්බුදයට හේතු වූ බව ද සඳහන් කළේය.



මේ අතර අද පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමල් විරවංශ පැවසුයේ, සෑම අවස්ථාවකදීම සේම මේ අවස්ථාවේදී ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂගේ බලපෑමට යටවූ බවයි. ඔහු එසේ පැවසුයේ තමා  හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.


 

 


සබැඳි පුවත් :

'අවලස්සන ඇමරිකානුවගේ පුද්ගලික දුෂ්ඨ කමකට රටක් බිලිදෙන්න බෑ' -බැසිල්ගේ අරමුණ විමල් කියයි

'රට හරි මගට' ගන්න ගිය විමල්ට ඇමතිකම අහිමිවූ කතාව

අමුණුගම සහ අරුන්දික අද දිව්රුම් දෙයි !- වාසුගේ පක්ෂය තීන්දුවක් ගනී !!

වාසුදේව අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට යයි! - මහින්ද, විමල් ගැන කියපු කතාව!!

දිනේෂ් එපා කිව්ව විමල්ගේ ඇමතිකම එස්.බී බාරගනී

උදය කැබිනට්ටුවෙන් ඉවතට : පවිත්‍රාට හා ගාමිණිට නව අමාත්‍ය ධුර - දිනේෂ් බෑ කියයි  

'විමල්ලත් එක්ක බෑ' - බැසිල් කියයි : හදිසි කැබිනට් සංශෝධනයක්

විමල්ලාගේ රැස්වීමට ගිය 'මහින්දවාදීන්' දෙදෙනාට විනය පරීක්ෂණයක් !

 

 

 

Leader Whats app

 

 

 

 

නවතම පුවත්