1200 x 80 DMirror

 
 

අදවන විට මුහුණදී සිටින දැවැන්ත අර්බුදවලින් රට මුදවා ගෙන, රට ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙලකට සියලුදෙනා පොදු එකඟතාවයකට පැමිණෙතත්වා යන තේමා පාඨය යටතේ

එක්සත් ජාතික පක්ෂය විසින් සත්‍යග්‍රහ ව්‍යපාරයක් සංවිධානය කිරිමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මාර්තු මස 25 සවස 3.00ට කොලඹ හයිඩ්පාක් පිටියේදී මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සත්‍යග්‍රහ ව්‍යපාරයට පොදු එකඟතාවට පැමිණීමට කැමති දේශපාලන පක්ෂවලට හා සිවිල් සංවිධානය වලට ද ආරධනා කර ඇතැයිද වාර්තා වේ.

මෙම සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරිමේ හමුවක් එජාප නායක රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලාස්ථානයේ දි පසුගියදා පැවැත්වූ බවත්, එහිදී හිටපු අගමැතිවරයා පවසා ඇත්තේ, රට මුහුණ පා සිටින අර්බුදවලින් රට මුදවාගෙන නැවත ගොඩනැගීම සඳහා වූ පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම ට එකඟතාව ඇති කිරිම මෙම සත්‍යග්‍රහයේ අරමුණ බවයි.

 

 

Leader Whats app

 

 

 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්