ආණ්ඩුව තුල සිටි අන්තවාදී කණ්ඩායම් ඉවත්කර ඇති බැවින්, රට ගොඩනැගීම සඳහා එක්වන ලෙස ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂ අමත්‍යවරයා විසින් විපක්ෂය නියෝජනය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙත ආරාධනා

කර ඇතැයි නොනිල ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, ආණ්ඩුවට සහාය දැක්වූ අනෙකුත් සියලු පක්ෂවල නියෝජිතයන් ඉවත් කොට පිරිසිදු පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් සකස් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කොට ඇති බවයි.

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 30 දෙනා නැතත්, පොහොට්ටුව සතුව මන්ත්‍රීවරුන් 120කට ආසන්න සංඛ්‍යාවක් සිටින බැවින්  බැසිල් රාජපක්ෂ මෙම තීන්දුව ගැනීමට යන බව ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවේ සංවර්ධන ව්‍යපෘති ගණනාවකට මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා වලට කැබිනට් මණ්ඩලය නියෝජනය කල විමල් විරවංශ හා උදය ගම්මන්පිල ගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ ආණ්ඩුවේ ඇතැම් වැඩසටහන හකුලා ගැනීමට සිදුවූ බවත් මේවනවිට එම බාධා ඉවත්කර ඇති බවත් එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවුවද ආණ්ඩුව ඇතැම් ක්‍රියාමාර්ග විවේචනය කරන හවුල්කාර පක්ෂ සන්ධානය පවසන්නේ විපක්ෂයට එක්වීමට තමන්ගේ කිසිඳු සුදානමක් නොමැති බවයි.

 

Leader Whats app

 

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්