යුද අපරාධ සහ මානව හිමිකම් කිරීම් සම්බන්ධ චෝදනාවලට ජාත්‍යන්තරව මුහුණ දී සිටින

රාජපක්‍ෂ ආණ්ඩුව මෙවර ජිනීවා සැසියේදී තවත් අලුත් ගැටලු මතුව ඇති බවට ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ පෙන්වා දී තිබේ.

''දැනටමත් ආණ්ඩුව මුහුණ දී තියෙන යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම් වලට අමතරව මෙවර ජිනීවා සැසියේදී පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් මැල්කම් රංජිත් ගේ පැමිණිල්ලත්, රන්ජන් රාමනායක අත්අඩංගුවේ තබා ගැනීම ගැන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණිල්ලත් සමගින්  අලුත් ප්‍රශ්න රැසකට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තියෙනවා,''යැයි ඊ.පී.ආර්.එල්.එෆ් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.


mnjnjහරින් - මනුෂ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ හමුවෙති


දෙමළ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබෙන පසුබිමක් තුල අදාළ පනතට එරෙහිව මේ වන විට දියත් කර තිබෙන අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන්නක් දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරමින් සිටින බව යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් හමුවේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සඳහන් කර ඇත.

 එසේ ප්‍රශ්න කිරීමට හේතු වී ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ යහපාලන ආණ්ඩුවේ කථානායකවරයාවූ කරු ජයසූරිය ඇතුළු මුස්ලිම් පක්ෂ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට  හවුල් වීමට අත්සන් තබා තිබූ බැවිනි.

''ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත චන්ද්‍රිකා ජනාධිපතිනියව සිටියදීත් ක්‍රියාත්මක උනා. එතකොට මෙයා මේක බරපතල නීතියක් විදියට දැක්කේ නැද්ද? යහපාලන ආණ්ඩුව මගින් ත්‍රස්ත පනත යටතේ බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එතකොට කතානායක කරු ජයසූරිය එයත් මේ පනත බරපතළ නීතියක් ලෙස දුටුවේ නැද්ද? පසුගිය කාලයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දෙමළ ජනතාව අත්අඩංගුවට ගෙන සිරගත කරන විට ඒ ගැන කතා කරන්න මුස්ලිම් ජනතාව ඉදිරිපත් නොවීමත්,'' මෙසේ ප්‍රශ්න කිරීමට හේතු වී තිබෙනවා යැයි ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා පවසයි.



දැනටමත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන්න කියලා අරගල කරන අතරේ තවත් සමහර පාර්ශව තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් එම පනත අහෝසි කරන්න කියලා අත්සන් ව්‍යාපාරයක් පවත්වමින් සිටීම විහිළුවක් යැයි පවසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගියදා යාපනේදී එම මහජන පෙත්සමට සිය අත්සන ද තබනු ලැබුණි.



 මෙම පනත යටතේ ''හමුදා රණවිරුවන්ට'' එතරම් බලපෑමක් එල්ල නොවන මුත් රාජපක්‍ෂ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මුස්ලිම් ජාතිකයන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බැවින් දැන්වත් මෙය  ඉවත් කළ යුතුයැයි ඔවුන් අදහස් කරන බවත් කියා සිටී ප්‍රේමචන්ද්‍රන් පවසන්නේ, දෙමළ ජනතාවගේ අපේක්ෂාව මෙම ත්‍රස්ත පනත සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම බවයි.

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්