theleaderlk 01

මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන්, රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන නව ව්‍යවස්ථාව

ඒකීය රාජ්‍ය මත පදනම් වුවක් බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතු බව උතුරේ දේශපාලන පක්‍ෂයක් පෙන්වා දී තිබේ.

''කොමසාරිස්වරියගේ වාර්තාව දෙස බලන විට පැහැදිලි වන්නේ ඒකීය ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වැඩපිළිවෙළක ආණ්ඩුව නිරතව සිටින බවක්. ඒ ගැන සැලකිලිමත් වෙලා මේ තනි පාලනයට එරෙහිව දෙමළ ජනතාව ඉතා බරපතල ලෙස හඬ නැගිය යුතුයි,''යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් පවසයි.

 වව්නියාවේ පැවති ''13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ ජිනීවා සම්මුතිවලින් වන බලපෑම'' ගැන ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විද්වත් කමිටුවක් පත් කර ඇති අතර එය අවසන් වූ වහා ජනාධිපතිවරයා වෙත භාරදී පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.



''මේ අලුත් ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අහෝසි කරලා ඒකාබද්ධ වූ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලෙස මේ මොහොතේ දෙමළ ජනතාව  එකමුතු වී අඛණ්ඩව බලපෑම් කළ යුතුයි,''යැයි සෙල්වරාජා ගජේන්ද්‍රන් දෙමළ ජනයාගෙන් ඉල්ලීමක් කරයි.

 

''අප එසේ කරන විට, අවාසනාවන්ත විදිහට දෙමළ ජාතිකවාදය පොරවා ගත් ඊනියා දෙමළ නායකයන්, ඉන්දියාවේ අවශ්‍යතාව වෙනුවෙන් ඒකීය පාලනයක් යටතේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඉන්දීය අගමැති මෝඩි ට ලිපියක් යවා තියෙනවා. මේ ලිපිය ඒකීය රාජ්‍ය පාලනය අනුමත කිරීමක්.''

 ඒකීය රාජ්‍යයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වෙනුවට 'එක රටක් රාජ්‍ය දෙකක්' යන දේශපාලන විසඳුම දිනා ගන්නට පෙළ ගැසිය යුතු බවට දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් පසුගිය දා පැවති ඔවුන්ගේ ජාතික සමුළුවේදී අවධාරණය කෙරිණි.

''ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ඊට බලපෑම් කළ යුතුයි,'' පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන් ජතාවගෙන් ඉල්ලා සිටින්නේ දෙමළ ජනතාවගේ  පරමාධිපත්‍යය වෙනුවෙන් දිගින් දිගටම හඬ නැගීමට තමන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙසයි.  

 

 

 

 

Leader Whats app

 

 

 

නවතම පුවත්