theleaderlk 01

පාලකයින් මහජන මුදලින් දිගටම තමන්ගේ සුඛෝපභෝගී ජීව රටාව ගෙන යද්දී සාමාන්‍ය ජනතාව

පැය හත, අටක් විදුලිය අතරේ ගෑස් පෝලිම්වල, ඉන්ධන පෝලිම්වල ඉන්දල ආණ්ඩුව ගෙනියන ක්‍රියා පිළිවෙතට ජනතා කෝපය සමාජ මාධ්‍ය ඔස්සේ දෝරෙ ගලමින් තියෙනව.


විදුලිබල මණ්ඩලයට ඇමතුමක් දෙන මවක් ඉස්සෙල්ලම අහන්නේ "කොළඹ 1 ඉඳල 15 ට ලයිට් කපන්නේ නෑ නේද්?" කියල.

ඊට පස්සේ වේදනාවෙන් සහ කෝපයෙන් ඇය හඬමින් කියන්නේ "විරුවා ඉන්න මිරිහානෙ පැය 24ම ලයිට් කපන්න" කියල.

ඒ හඬ පටය මේ දවස්වල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ "වෛරල්" වෙලා.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විතරක් නෙමෙයි, දැන් මිනිස්සු පාරට බහින්නත් පටන් අරගෙන.

කොහුවල හන්දියේ තරුණයෝ පිරිසක් පටන්ගත් දෛනික නිහඬ උද්ඝෝෂණයට දැන් දවසකට 100 ක් විතර එකතුවෙනව.

අනික මම හිතන්නේ "වැඩකරන අපේ විරුවා" සින්දුව තරම් අපේ රටේ හාස්‍යයට ලක්වුණ සින්දුවක් නැතුව ඇති. සමහරු ඉන්ධන පිරවුම්හල් ඉස්සරහ පෝලිම්වලට වෙලා ඒ සින්දුව කියනවා.

දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පෙන්නලා දෙන විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාවත් මේ තරම් හාස්‍යයට ලක් වුණේ නෑ.

ඒ කොහොම වුනත් අද, හෙට මැතිවරණයක් තිබුනොත් පොහොට්ටුව පරදීවිද?

කුසල් පෙරේරා එක්ක එකතුවෙලා ඒ ගැන මම කරන විග්‍රහය වීඩියෝවේ.

නරඹල, ඔබේ අදහසත් කියන්න.

- සරෝජ් පතිරණ 

( 'Sandeshaya by Saroj' යූටියුබ් නාලිකාව වෙනුවෙන්)
 

 

 
 

 

Leader Whats app