පසුගිය දින දෙක තුළ සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන්

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.

 ඒ හේතුවෙන් ඔහු ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බව වැඩිදුරටත් සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කය නියෝජනය කරන දිලුම් අමුණුගමට ද කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවිය.

 ඊට අමතරව අලුතින් කැබිනට් මණ්ඩලයට එක් වුණේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස් බී දිසානායකයි.

2015 ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු බොහෝදෙනා මහින්ද රාජපක්ෂ අතහැර යද්දී තමන් මහින්ද රාජපක්ෂ සමඟම සිට ඔහු ආරක්ෂා කළ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය සමීපතමයින් සමඟ ප්‍රකාශ කර ඇත.

පිල් මාරු කර පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් දැරූ පුද්ගලයින්ට ද මෙම රජයේ අමාත්‍ය ධූර හිමිවීම පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ දැනුවත් කිරීමට ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කටයුතු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතකු බව පැවසේ.


(nethnews.lk)

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්