theleaderlk 01

ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය.

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

මහනුවර අම්පිටියේදී 1924 අගෝස්තු 2 වන දින උපත ලැබූ ඔහු මියයන විට 97 හැවිරිදි වියෙහි පසුවිය.

වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වූ ඔහු සිවුදරු පියෙකි.

බර්ටි ගුණතිලක මහතා සහ ප්‍රහසන රංගන ශිල්පී ඇනස්ලි ගුණතිලක, සැමුවෙල් ඩයස් යන තිදෙනා එක්ව කළ ප්‍රහසන රංගනයන් මෙරට ලොකු කුඩා කවුරුත් අතර ඉතා ජනප්‍රිය වූ අතර ඔවුන් තිදෙනා හැඳින්වූයේ රජ තුන්කට්ටුව ලෙසිනි. “විනෝද සමය” රූපවාහිනි විකට කථා මාලාවේ “බබා” චරිතය නිරූපනය කළේ බර්ටි ගුණතිලක මහතාය.

අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

නවතම පුවත්