ලංකාවෙ භූමියෙ කටුක ඇත්ත වමට වඩා දැකපු නායකයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ බව 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.


ඔහු එබව කියා සිටියේ'The Leader TV' ගෙන එන ඩිරෙක්ට් පොලිටික්ස් වැඩසටහනේදී.



The Leader TV ගෙන එන 'ඩිරෙක්ට් පොලිටික්ස්' වැඩසටහනේදී සිරිමලී ලියනගම, දීප්ති කුමාර ගුණරත්නගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා.


සිරිමලී :

රනිල් වික්‍රමසිංහ ගැන කතාකරද්දි ඔබ කිව්ව, මේ රටේ දේශපාලන ආර්ථිකය හදන්න පුළුවන් නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ කියල. ඔබ මනෝවිශ්ලේෂනීය කතිකාව මත පදනම්ව දේශපාලනය කරන අයෙක්. නමුත් ඔබ කැමතිවන රනිල් වික්‍රමසිංහ වගේ අය මනෝවිශ්ලේෂනය පදනම් කරගෙන දේශපාලනය කරන අය නෙවෙයි. මේ ප්‍රකාශයන් හා ඔබේ දේශපාලනය අතර පරස්පරයක් තියෙනවා නේද?


දීප්ති :

''අපි දේශපාලනය කරනකොට දන්නව ආර්ථිකයයි දේශපාලනයයි කියන්නේ කොටස් දෙකක්. සාමාන්‍යයෙන් ආර්ථික අංශයෙ තමයි අළුත් දේවල් බිහිවෙන්නෙ. උදාහරණයක් විදිහට කියනවානම් අපිට 78 න් පස්සෙ කැසට් එනව. එතකල් අපි හිටියෙ ගුවන් විදුලිය අහගෙන. එතකොට අළුත් දේ ආවෙ ආර්ථිකයෙන්. ආර්ථිකය විවෘත කරාම ඒක ආවෙ. පහුවෙලා ඒක දේශපාලන අංශවලට යනව.

එතකොට වම ඒකට කිව්ව අපේ සංස්කෘතිය ඉවරයි කියල. නමුත් පහුවෙලා සිද්ධවුනේ සම්භාව්‍ය සංස්කෘතිය හා ජනප්‍රිය සංස්කෘතිය කියල සංවාදයක් ඇවිල්ල හොඳ පැත්තකට ලංකාව අරගෙන ගියා. ඉතිං ආර්ථිකය තමයි මුල්තැන.

මම මේ මෑතකදි Regain Sri Lanka පොත ආයෙත් බැලුවා. ගොඩක් අය බලන්නෙ නෑ. අනුර කුමාරනම් බලලම නෑ.

Regain Sri Lankaවල ලංකාව ගැන ප්‍රොෆයිල් එකක් හදල තියෙනවා. අපේ රටේ ආර්ථික ප්‍රශ්න මේවා. GDP එක මේක. කෘෂිකාර්මික කේෂත්‍රය මේක. මේක මාරු කරන්න ඕන සේවා පැත්තට. කැපිටාල් එක මෙහෙම වෙන්න ඕන වගේ කරුණු ගොඩක් තියෙනවා. ඒ කරුණු ඔක්කොම ඇත්ත.

ඒත් ගන්න ක්‍රියාමාර්ගවල තමයි ගැටළුව තියෙන්නෙ. මේක ජනතා විමුක්ති පෙරමුණේ කිසිම කෙනෙක් බලල නෑ. අපි කියන්නෙ බලන්න කියල. ඒ පොතේ තියෙනව ලංකාවේ ආර්ථිකයට 48 ඉඳන් මොකද උනේ කියල.

ලංකාවෙ භූමියේ තියෙන  මෙන්න මේ කටුක ඇත්ත වමේ නායකයින්ට වඩා දැකල තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ.

 

 

 ජෙප්පෝ බත් කන මෝඩයෝ - බැසිල් පස්සට පැන්නා ! #The Leader TV

 

"වැඩකරන අපේ විරුවා" සිංදුව තහනම්! ගෝඨා-ගම්මන්පිල බදාගනී!!



කවුද රජා? | අද ගොසිප් එක | The Leader TV

>

 Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image