ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පාර්ලිමේන්තුව තුළ දී මින් ඉදිරියටත් ආණ්ඩුව සමග කටයුතු කරන්නේද ?

ස්වාධීනව කටයුතු කරන්නේ ද ? විපක්ෂ කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ ද ? යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම පසුවට කල් දමා ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් හා ජනාධිපතිවරයා අතර සිදුකිරීමට නියමිත සාකච්ජාවෙන් පසු ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකඟතාවයට පැමිණ ඇතැයි ද වාර්තාවේ.

පසුගිය 04දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවෙන් පසු ඊට සහභාගී වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් විමල් වීරවංශ හිටපු ඇමතිවරයාගේ නිවසට පැමිණ ඇති අතර එහිදී මෙම තීන්දුව ගෙන තිබෙන බව පැවසේ.

මේ අනුව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී හවුල්කාර පක්ෂ ආණ්ඩුව පක්ෂය තුළ ම රැඳී සිටිනු ඇත.


ජනාධිපති සමග සාකච්ජා :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා (08) සවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ ඇති වී තිබෙන ආර්ථික, දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරුණු 15කින්‍ යුත් යෝජනාවලියක් ඉකුත්දා ඉදිරිපත් කරනු ලැබීය.



ජනාධිපතිවරයා සමග පැවැත්වෙන එම සාකච්ඡාවේදී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යධුර වලින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීමට තම පක්ෂය තීන්දුකර ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයකු අප වෙත පැවසිය.




මාර්තු 02 දා 'රට හරි මගට 'නමින් කරුණු දහයකින් යුත් යෝජනාවලිය එළිදැක්වූ උත්සවයට ශ්‍රීලනිපය සහභාගී විය. ශ්‍රීලනිප සභාපති, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එහිදී උත්සව සභාව අමතනු ලැබිය.


'විමල්ලාව අත් හරින්න කිසිම සූදානමක් නෑ… ' - මෛත්‍රී කියයි

ඒ  අනුව, තම පක්ෂය සමග එක්ව රට හා ආණ්ඩුව නිවැරදි දිසාවට ගැනීමට කටයුතු කළ විමල් විරවංශ සහ උදය ගම්මන්පිල කිසිසේත් අත්නොහරින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සංවිධායකයින් ඉදිරිපිට අවධාරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ  පැවති පක්ෂ සංවිධායකවරුන්ගේ හමුවේ දී ය.

“එදා අපි පොදු අරමුණක් වෙනුවෙන් ආණ්ඩුවෙන් එළියට බැහැලා වෙනම රැස්වීම් තිබ්බා. ඒක අමතක කරලා නෑ. විමල්ලා අමතක කරලා නෑ. ඔවුන් එක්ක ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න සූදානමින් ඉන්නවා. “



එක්ව දේශපාලනය කළ  පක්ෂ 10 සමග අඛණ්ඩව දේශපාලන කටයුතු කරගෙන යන බවත් පොදු සංධානයක් ගොඩනැගීමේ ඉලක්කය අත් නොහරින බවත්  හිටපු ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ එසේය.



උද්ගත වී ඇති තත්වය සම්බන්ධව පක්ෂයේ ස්ථාවරය කුමක් ද යන්න සංවිධායක වරුන්ම පක්ෂයේ සභාපතිවරයාගෙන් විමසීමක් කර තිබිණි. බහුතර පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන විය යුතු බව යෝජනා කරද්දී තවත් සුළු කොටසක් කලබල නොවී තීන්දු ගත යුතු බව පවසා ඇත.

පවතින තත්වයන් දේශපාලනික විමසා බලා උචිතම තීන්දුව ගැනීමට පක්ෂය සූදානම් බව හිටපු ජනපතිවරයා දන්වා ඇත.



ජනාධිපති හා ගම්මන්පිල අතර හමුවක් !

මේ අතර ජනාධිපතිවරයා හා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අතර හමුවක් ඊයේ අනුරාධපුරයේදී සිදුව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබේ.

එම මාධ්‍ය වාර්තාවලට එම හමුව සිදුව ඇත්තේ අනුරාධපුරයේ ඥාන මෑණියන්ගේ දේවලයේදීය. ඊයේ දවසපුරා එම දේවාලයේ විශේෂ පුජාවක් පැවති බව ද වාර්තාවේ.

 

 


 "වැඩකරන අපේ විරුවා" සිංදුව තහනම්! ගෝඨා-ගම්මන්පිල බදාගනී!!

>

 Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image