ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කුඩා දේශපාලන පක්ෂ මැතිවරණ සිතියමෙන් අතුගා දැමීම

සඳහා සකස් කර ඇති පොහොට්ටුවේ පලාත් පාලන ඡන්ද සංශෝධන යෝජනා පරාජය කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

සමගි ජන බලවේගය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ 11 කණ්ඩායම, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පළාත් පාලන ආයතන නියෝජනය කරන ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලිපි යොමු කරමින් තෙන්නකෝන් මේ බව දක්වා තිබේ.

යෝජිත ඡන්ද යෝජනාව 2022 මාර්තු 8 දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී පරාජය කිරීමට පියවර ගන්නා ලෙස ද තෙන්නකෝන් සිය ලිපියෙන් ඉල්ලා ඇත.



2022 පෙබරවාරි 22 දින මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනා දුෂිත හා අසමානුපාතික නියෝජනයක් තුලින් සජබ, එජනිස, ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය, ජවිපෙ හා අනෙකුත් දේශපාලන පක්ෂ වෙත ලැබිය යුතු මන්ත්‍රී ආසන අහිමි කිරීම සඳහා සැකසූ විෂම සුත්‍රයකි.



තරුණ ඡන්ද 75,000 ක් පමණ ලියාපදිංචි නොකර, වැඩ ලක්ෂයේ වැඩසටහන යටතේ ගමේ නායකයින්ට රජයේ මුදල් පොම්ප කර, ඉන්දීය ආධාර සටහන යටතේ ග්‍රාමීය ප්‍රජාවට නොමිලේ/සහන බඩු සැපයීම සිදු කර ලබන අගොස්තු හෝ ඒ ආසන්නයේ පලාත් පාලන ඡන්දය පැවැත්වීමට රජය උත්සහ කරමින් ඇත.  

ඒ සඳහා කොට්ඨාශ ප්‍රතිශතය 60%  - 40% වන, සාමානුපාතික නියෝජනය ස්ථාපනය සඳහා ඇති කළ ඕවර් හැන්ග් සභික සංඛ්‍යාව අහෝසි කරන, ජයග්‍රාහකයාට බෝනස් ආසන ලැබෙන මැතිවරණ ක්‍රමයක් යෝජනා කර ඇත.

1982 සිට ක්‍රියාත්මක සමානුපාතික ඡන්ද ක්‍රමය, මෙරට බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීමට හේතු වී ඇත.  



යෝජිත නව ඡන්ද ක්‍රමය පලාත් පාලන ආයතනයන් හි බහු පක්ෂ ක්‍රමයට තිත තබනු ඇත. සෑම ඡන්දයකට සම වටිනාකමක් ලබාදීමට නම්, ‘සමානුපාතික ඡන්ද ක්‍රමයකින් පමණී.  සම වටිනාකමක් සහිත ඡන්දයක් අප ඡන්ද ක්‍රමයේ පදනම විය යුතුය.



2018 පලාත් පාලන ඡන්ද ප්‍රතිඑල ඇසුරෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරමින්, යෝජිත ඡන්ද විමසීම් ක්‍රමය තුලින් සමානුපාතික නියෝජනය අහෝසි වී, ප්‍රධාන පක්ෂ දෙක තුනකට පමණක් සභිකයින් හිමිවන බවත්, එය එක් පක්ෂයට අතිශයින් වාසිදායක අසමානුපාතික, පලාත් පාලන ආයතන බිහිවන බව ඔහු යොමු කළ ලිපිවල දැක්වේ.    

එක ඡන්දකින් හෝ ජයගන්නා පක්ෂයකට ‘බුස්ටරයක් ලබා දෙමින්‘ බලය තහවුරු කිරීම එමගින් සිදුවේ. 40% ට අඩු බලයක් සහිත කණ්ඩායමට 55%  - 60% ට වැඩි සභික සංඛ්‍යාවක් ලැබේ. මෙය කුඩා පක්ෂයට ඡන්දය සලකුණු කළ විට, පොහොට්ටුවට (ප්‍රධාන පක්ෂයට) සභික ධූර ලැබෙන අන්ත දුෂිත ක්‍රමයකි.  



බෝනස් මන්ත්‍රී ධූර දෙකක් සහ ඕවර් හැන්ග් ඉවත් කිරීම තුල දෙවන, තෙවන පක්ෂවලට තමන්ට හිමි සැබෑ නියෝජනය අහිමි වන අතර, ඔවර් හැන්ග් මන්ත්‍රී ධූර ප්‍රධාන පක්ෂයට ලැබී, කුඩා පක්ෂවලට සභික ධූර සංඛ්‍යාව අඩුවන්නේය.  



එය වත්මන් පළාත් පාලන ආයතන තුල, තනි මන්ත්‍රී ධූරයක් හෝ දෙකක් ලබාගෙන සභික ධූරයන් දරණ  දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ සිතියමෙන් අතුගෑවි අහෝසි වී යනු ඇත්තේය.

2018 ඡන්ද ප්‍රතිඑලය නව ක්‍රමයට ආදේශ කිරීමේ දී, ගාල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 10 ක තෙවන, සිව්වන, පස්වන ස්ථානවලට පත් පක්ෂවලට පමණක් නව ක්‍රමය යටතේ අහිමිවන සභික ධූර සංඛ්‍යාව 27 කි. ජවිපෙට 8 ක්, එජාපය 7 ක්, එජනිස (බුලත් කොළය)  4, එජානිපෙ (කෙසෙල් ඇවරිය) 3, ස්වාධීන 4 ක් හා  ශ්‍රීලපොප (පොහොට්ටුව) 1 ක් ලෙසින් අහිමි කර තනි පොහොට්ටුවේ පාලනයක් මේ ආයතන තුල බිහිවේ.  

මහනුවර,  බදුල්ල, කුරුණෑගල, කෑගල්ල මොණරාගල දිස්ත්‍රික්ක ප්‍රතිඑල අනුව ද, එජාප/සජබ, එජනිස, ජවිපෙ, කුඩා පක්ෂ සඳහා වෙත ලැබෙන සභික ධූර අඩුවන්නේය.  එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කෙසෙලේ ඇවරිය) පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධූර 22 න් 21 ක් ම මේ ක්‍රමය යටතේ අහෝසි වන්නේය.



දෙමළ ප්‍රගතිශිලි පෙරමුණුට ලැබුනු සියළුම මන්ත්‍රී ධූර ද, මුස්ලිම් පක්ෂ වෙත ලැබුණු සභික ධූර බහුතරයක් ද එලෙසම අහිමි වන බව ද තෙන්නකෝන්  පෙන්වා දෙයි. උතුරු නැගෙනහිර දේශපාලන බලය ද්‍රවිඩ ජාතික සන්ධානයට තනි ඔප්පුවකින් ලබාදීමක් ද වේ.

 

  


කවුද රජා? | අද ගොසිප් එක | The Leader TV

 

"වැඩකරන අපේ විරුවා" සිංදුව තහනම්! ගෝඨා-ගම්මන්පිල බදාගනී!!

>

 Leader Whats app

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා