ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අද (06) පෙරවරුවේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබු වීඩියෝවක්

සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ අතර විශාල පිරිසක් ඊට ප්‍රතිචාර දක්වා තිබිණ.


'වැරදි වෙලාවක වුනත් හරියට ඉන්න' යන සිරස්තලය යටතේ ජනමාධ්‍ය ඇමතිවරයා පළකර තිබුනේ, හයිනාවුන් රැලක්, කඳු පාමුලක සිටින මුවන් තිදෙනෙකු දඩයම් කිරීමට බලවත් වෙහෙසක් දරද්දී එම මුවන් තිදෙනා සිටින ස්ථානය නිසා පන බේරා ගන්නා ආකාරය දැක්වෙන දුර්ලබ ගනයේ වීඩියෝවකි.

එසේ ප්‍රතිචාර දැක්වූ බොහෝදෙනෙකු ගේ අදහස වී තිබුනේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන තම දේශපාලන සගයින් තිදෙනාට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් ඩලස් ඇමතිවරයාගේ කනස්සල්ල හා උපදේශාත්මක අවවාදය එම වීඩියෝ ගැබ්ව ඇති බවයි.

කෙසේවුවද පැය කිහිපයක් යාමට මත්තෙන් එම වීඩියෝව අතුරුදහන්ව තිබිණ. අනතුරුව ඇමතිවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් කියා තිබුනේ, ෆේස්බුක් සමාගමෙන් එම වීඩියෝව සිය ෆේස්බුක් පිටුවෙන් ඉවත්කර ඇති බවයි.

ඇමතිවරයා විසින් ෆේස්බුක් පිටුවකින් උපුටාගන්නා ලද වීඩියෝවේ මුල් පිටපත හා ඔහුගේ සටහන පහත පළවේ.

  


WhatsApp Image 2022 03 06 at 18.46.12

sderer

 

  


කවුද රජා? | අද ගොසිප් එක | The Leader TV

 

"වැඩකරන අපේ විරුවා" සිංදුව තහනම්! ගෝඨා-ගම්මන්පිල බදාගනී!!

>

 Leader Whats app

 

 ]

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්