1200 x 80 DMirror

සිය දඟ පන්දුවෙන් සමස්ත ක්‍රිකට් ලෝකයම දණ ගැස්වූ ක්‍රිකට් ලෝකයේ සද්දන්තයෙක් පසුගිය සිකුරාදා ලොවින් සමුගත්තේ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්

කම්පනයට පත්කරමින්.

තායිලන්තයේ නිවාඩුවක් ගතකරමින් සිටින අතරවාරයේ ෂේන් කීත් වෝන් මෙලොවින් සමුගත්තේ 52 හැවිරිදි වියේදී. ඒ හදිසියේ හටගත් හෘදයාබාධයක්  හේතුවෙන්.

ඔහු වෙනුවෙන් රාජ්‍ය අවමගුල් උත්සවයක් පවත්වමු කියල වික්ටෝරියානු ප්‍රාන්ත ආණ්ඩුව කල යෝජනාවට පවුලේ සාමාජකයින් එකඟ වෙලා තියෙනව.    

බොහෝ ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන අන්දමට ෂේන් වෝන් ලෝකයේ එතෙක් මෙතෙක් පහල වූ දක්ෂතම නැත්නම් සුපිරිම පන්දු යවන්නා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝකය ගත්තොත් ඔහු දෙවෙනි වෙන්නේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට විතරයි. එත් සමහර විචාරකයින්ට අනුව ඔහු ඒ සියලු දෙනාටම වඩා ඉදිරියෙන් ඉන්නවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක, ඩේලි මිරර් පුවත්පතේ හිටපු ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා වගේම නිශ් මං රණසිංහ සහ ලෙනාර්ඩ් රත්නායක  ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනාත් ෂේන් වෝන් ගැන මතකය අවදි කළා.

මේ ක්‍රිකට් ලෝකයේ දැවැන්තයාට 'Sandeshaya by Saroj' නාලිකාවේ ප්‍රණාමය.

නරඹල ඔබේ අදහසත් කියන්න.

(සරෝජ් පතිරණ)

 

 

 

 Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය