මේවනවිට රට තුළ පවතින බරපතල ගෑස් හිගය හේතුවෙන් ආදාහනාගාරවල කටයුතු පවත්වාගෙන යාම මෙන්ම රෝහල් කටයුතුවලට ද බාධා එල්ල වී

තිබේ.

 මේ හේතුවෙන් මහා පරිමාණ සංචාරක හෝටල්වලට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

රෝහල්, මහා පරිමාණ සංචාරක හෝටල් මෙන්ම ආදාහනාගාර සඳහා ද භාවිත කරන්නේ කිලෝ ග්‍රෑම් 37 යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩර් ය.  එහෙත්, පවතින ගෑස් හිගය හේතුවෙන් එම සිලින්ඩර ද ඉකුත් 04 වනදා සිට නිකුත් කිරීම සිදුනොවූ බව ලිට්‍රෝ සමාගම පවසයි.

මෙම කිලෝ ග්‍රෑම් 37.5 වර්ගයේ ගෑස් සිලින්ඩර 2600 ත් 3000 ත් අතර ප්‍රමාණයක් දෛනිකව නිකුත් කෙරෙන නමුත්,  මේ මස 01 වනදා සිට කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ 05 සහ කිලෝ ග්‍රෑම් 2.3 වර්ගයේ ගෑස් සිලින්ඩර නිකුත් කිරීමක් සිදුකර නොමැත.

දෛනිකව නිකුත් කෙරෙන කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෑස් සිලින්ඩර සංඛ්‍යාව 80,000 ක් පමණ වේ. කිලෝ ග්‍රෑම් 05 වර්ගයේ ගෑස් සිලින්ඩර් 15,000 ක්ද කිලෝ ග්‍රෑම් 2.3 වර්ගයේ ගෑස් සිලින්ඩර 16,000 ක්ද දෛනිකවම අවශ්‍ය වේ.

 

පවතින මෙම ගෑස් හිගය හේතුවෙන් මේවනවිට දිවයින පුරා පිහිටි ආහාර අලෙවිසැල් රැසක් වසා දමා තිබේ.

 

මෙරට ගෑස් වෙළඳපලේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 80 ක ප්‍රමාණයක් සපයනු ලබන්නේ ලිට්‍රෝ සමාගමයි.  

මේවනවිටත් එම සමාගමේ ගෑස් රැගත් නෞකා 02 ක් නියමිත ප්‍රමිතීන්ට අනුකූල බවට වූ අනුමැතිය ද අවසරය ද ලබාගෙන තිබෙන නමුත්, එම නෞකා 02 සඳහා ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම ගෑස් හිගය උත්ගතවී ඇති බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.  


ලිත්‍රෝ සමාගමට ගැස් සැපයුම් කරුවකු නෑ !!


ලිත්‍රෝ සමාගමේ අභ්‍යන්ත ආරංචි මාර්ග සදහන් කරන පරිදි පසුගිය සතියේ එනම් පෙබරවාරි 28 වෙනිදා සිට ලිත්‍රෝ සමාගමට ගැස් සැපයුම් කරුවකු නොමැත. ඒ වසර 2 ක ගිවිසුම අවසන් විමත් සමග ලිත්‍රෝ සමාගම් දීර්ගකාලින සැපයුම් ගිවිසුමෙන් ඉවත් වී හදිසි ඇනවුම් කිරිමට සුදානම් විමයි.

මීට හේතුව ඉතා අඩු මිලකට ගැස් මිලදි ගැනිමට හැකිබවට පුරෝකතනය කිරීමයි.

එහි ප්‍රතිපලයක් ලෙස මාර්තු මාසය සඳහා අව්‍යාශ මෙට්‍රික් ටොන් 30000 ක් මේ වන තෙක් සපයාදීමට සැපයුම්කරුවකු ඉදිරිපත් වී නොමැති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. පවතින තත්වය මත සිංහල හින්දු අලුත් අවුරුද්ද සමයේ දැඩි ගැස් හිගයක් නිර්මානය විම වැලක්විය නොහැකි බවද එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.

 

කෙසේ නමුත් පෙර ගිවිසුම් ගත ගෑස් තොග ප්‍රමාණයන් අනුව අප්‍රේල් මස අවසන් වන තෙක් අවශ්‍ය ගෑස් තොගයන් පැවති සමාගම විසින්ම ලබාදීම සිදු කිරීමට ගිවිසුමට අනුකූලව සිදු වන බැවින් ගෑස් හිඟයක් ඇතිවීමට සැපයුමෙහි ගැටලුවක් නොමැති බවත්, හිඟයට ප්‍රධානම හේතුව ගෑස් තොග නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් නොලැබීම බවටත් ලිත්‍රෝ සමාගමේ ඉහල නිලධාරියකු අප කළ  විමසීමකදී පැවසිය.  


එමෙන්ම ඉදිරි වසර සඳහා ගෑස් සැපයුම් කරුවකු පත් කරගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය මාර්තු මස 16 වන දිනෙන් අවසන් වන බවත්, ඉන්පසු නව සැපයුම්කරුවකු හරහා මෙරට ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ආවරණය කළ හැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ගෑස් වෙළඳපොලේ  20% ක් හිමි ලාෆ් ගෑස් සිලින්ඩර සැපයුම අඩාල කොට ඇත්තේ එම සමාගමද මේවනවිට බරපතල මූල්‍ය අර්බුදයකට මුහුන දී තිබෙන නිසාය.

 

 


 Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්