යුද්ධයෙන් මියගිය දෙමළ ජන සමූහයක් සම්බන්ධ පෝස්ටුවක් මුහුණු පොතේ පළ කිරීම

 නිසා ත්‍රස්ත නීති යොදාගෙන මාස 15ක් සිරකොටගෙන සිටි දෙමළ මාධ්‍යවේදීයකුට ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව ගැන සාකච්ඡා කරන දිනයේදී අධිකරණයෙන් ඇප ලැබී තිබේ.

 මාර්තු 07 වැනි සදුදා වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ගොකුලන් නමින් ප්‍රකට මාධ්‍යවේදී මුරුගුපිල්ලේ ගෝකුලදාසන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙසයි.

 සෑම මාසයකම අවසන් ඉරිදා දිනයේ වාලච්චේන පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස මාධ්‍යවේදියාට අධිකරණය නියෝග කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.



ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මඩකලපුවේ මාධ්‍යවේදියා 2020 වසරේ දෙසැම්බර් 28 වැනිදා වාලච්චේන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ කොටි සංවිධානයේ ඡායාරූප මූණු පොතේ පල කළේ යයි චෝදනා නගමිනි.

 

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය පවසා තිබුනේ ඔහු විසින් පලකරන ලද්දේ යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ සමරුවක් සම්බන්ධ පෝස්ටුවක් බවයි.

dr33


ඔහු සිරගත කිරීම සඳහා යොදාගත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස බලකෙරෙන මහජන පෙත්සම් ව්‍යාපාරය උණුසුම් ප්‍රතිචාර ලබමින්  රට පුරා දියත් කෙරෙමින් පවතී.

“ස්මරණය සඳහා වූ අයිතිය අපරාධයක් බවට පත් කිරීම අලුත් දෙයක් නොවේ. නිදහස් මාධ්‍යවේදී මුරුගුපිල්ලේ ගෝකුලදාසන් 20.11.28 දා වාලච්චේනෙයි හිදී අත් අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ එකම අපරාධය වූයේ මියගිය දෙමළ අය සම්බන්ධ අදහස් FB ඔස්සේ බෙදා හදා ගැනීම පමණි,” යි JDS විසින් ප්‍රකාශ කර තිබුණි.

ගෝකුලන්ට නගා ඇති චෝදනා ‘විකාර සහගත’ යයි හෙලා දුටු දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) ඔහුට එරෙහි චෝදනා ඉවත් කරගන්නා ලෙස ඉල්ලා තිබේ.

මීළඟ නඩු දිනය ජූනි 13 දාට යෙදී ඇත.



යාපනය නගරයේ සිට පවත්වාගෙන ‘ටියුබ් ටැමිල්’ යූ ටියුබ් නාලිකාවේ මුහුන්දන් ඩිවන්යා සහ විමල් රාජ් දෙදෙනා ත්‍රස්ත මර්දන පොලිසිය විසින් අවුරුද්දකට ඉහතදී අත් අඩංගුවට ගෙන තවමත් රඳවාගෙන සිටී. LTTE සංවිධානයය නගා සිටුවන්නට කටයුතු කළ බවට පොලිසිය ඔවුන්ට චෝදනා කරයි.

 

 


ජොනී ගෝඨා-බැසිල්ට ටොකු අනී!| අද ගොසිප් එක | The Leader TV

 

 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්