සිය සොයුරු බැසිල් රාජපක්ෂගේ දැඩි බලපෑම මත ජනාධිපතිවරයා විසින් පසුගියදා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ උදය ගම්මන්පිල සිය නිල නිවස අද (08) දිනය තුලදී බාරදීමට සුදානම් වන බව දේශපාලන ආරංචි

මාර්ග පවසයි.

ඒ අනුව ඔහු අද උදැසන සිට එම නිල නිවසේ තිබෙන ඔහුගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත්කර ගනිමින් සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඕනෑම අමාත්‍යවරයකුට සිය අමාත්‍ය ධුරය අහිමි වුවද මාස 3ක කාලයක් නිල නිවසේ රැඳී සිටීමට අවසරයක් තිබුන ද විමල් විරවංශ හිටපු අමාත්‍යවරයා, පසුගිය සති අන්තයේ සිය නිල නිවසේ තිබු තමන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත්කර ගනු ලැබූ අතර ඔහු ද එම නිල නිවස අද බාරදීමට කටයුතු යොදා තිබේ.

මේ අතර විමල් විරවංශ හා උදය ගම්මන්පිල අත්තනෝමතික අකාරයෙන් අමාත්‍ය ධුරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අමාත්‍යංශ රාජකාරිවලින් ඉවත්ව සිටින වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා අද සිය නිල වාහන බාරදීමට තීන්දු කර ඇතැයි ද නොනිල ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

එසේම, විමල් විරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ජයන්ත සමරවීර අද දිනයේ දී සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කර ඇතැයි ද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


ගීතාට -ඩයනාට හා කුට්ටිට රාජ්‍ය අමාත්‍ය ධුර !



ඉදිරි දින කිහිපයන් තුළදී යළි කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.  

ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප නායකයින් අතර අද දිනයේ පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ජාවෙන් පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද පැවසේ.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත්කිරීම සාධාරණිකරණය කරමින් 'වොයිස් කට්' ලබාදුන් කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ හා සනත් නිශාන්තට කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමටත්, ගීතා කුමාරසිංහ, ඩයනා ගමගේ මන්ත්‍රීවරියන්ට හා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමටත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පොරොන්දු වී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.


සබැඳි පුවත්

විමල්ගේ උපන්දිනය අදයි - නිල නිවාස හා වාහන බාරදී අනුරාධපුරේ යයි

බැසිල් බාප්පා කරපු වැඩේ කැතයි! නාමල් ගේම ඉල්ලන්න යයි!! | අද ගොසිප් එක | The Leader TV
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්