ජනාධිපතිවරයාගේ තවත් නියෝගයක් ආපසු හරවමින් කච්චතිව් දුපතේ වාර්ෂික ශාන්ත අන්තෝනි දේව මංගල්ලයට

සහභාගිවීමට දෙරටේ බැතිමතුන්ට පනවා තිබු තහනම ඉවත් කර තිබේ.

''රටවල් දෙකෙන්ම සිය දෙනා බැගින් සහභාගිවීමේ අවසරය ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කර ලබා ගත්තා. මමත් කච්චතිව් මංගල්ලෙට යනවා,'' යැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.

වවුනියාවේදී ඊයේ [07]පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ, ඉන්දු ලංකා බලධාරීන් අතර දීර්ඝ ලෙස කරන ලැබූ කතා බහේ ප්‍රතිපලයක් ලෙස රටකින් බැතිමතුන් පනස් දෙනා බැගින් සහභාගිවීමට අවසර ලැබුණු මුත් තමන් ජනාධිපතිවරයා සමඟ තවදුරටත් සාකච්ජා කිරීමේ ප්‍රතිපලයක් ලෙස එය සිය දෙනා දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවයි.

මාර්තු 11 සහ 12 දෙදින පැවැත්වෙන කච්චතිව් ශාන්ත අන්තෝනි වාර්ෂික දේව මංගල්ලය ඉන්දු ලංකා බැතිමතුන්ට තහනම් කරමින්, කතෝලික පියතුමන්ලාට පමණක් සහභාගිවීමට අවසර දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නියෝග කර තිබිණි.



යාපනය දිසා ලේකම්වරයා විසින් ලංකාවේ බැතිමතුන් 500 ක් සඳහා අවසර ලබා දීමට කලින් සැලසුම් කර තිබුනේ කෝවිඩ් වසංගතය පැතිරීම හේතුවෙන් කච්චතිව් මංගල්‍යයට එක්වීමේ අවස්ථාව ඉන්දීය බැතිමතුන්ට අහිමිකරමිනි.




ඉන්දීය බැතිමතුන්ට සහභාගීවීමේ අවඅවස්ථාව අහිමිකිරීම ගැන කනස්සල්ල පළ කළ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් එරට විදේශ කටයුතු ඇමැති ජෙයශන්කර් මෙනන් ගෙන් ඉල්ලා සිටියේ ලංකා ආණ්ඩුව සමග සාකච්ජා කොට ඒ සඳහා පහසුකම් සලසන ලෙසයි.

තමිල්නාඩු මහ ඇමතිවරයාගේ ඉල්ලීමට අනුව ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් [DMK] නායකයකු වන ටී.ආර්.බාලු හා ලංකා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා අතර 'සුම්' සාකච්ජාවේදී තීරණය වුයේ කච්චතිව් උත්සවයට ඉන්දීය ධීවරයන්ගේ හා සෙසු බැතිමතුන්ගේ සහභාගිත්වය ගැන ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලිපියක් යොමු කිරීමටය.

 


 බැසිල් බාප්පා කරපු වැඩේ කැතයි! නාමල් ගේම ඉල්ලන්න යයි!! | අද ගොසිප් එක | The Leader TV

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්