ගෑස් නෞකාවකින් ගෑස් ගොඩබෑම ආරම්භ කිරීමත් සමග සිලින්ඩර් 75,000ක් අද (මාර්තු 9) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසිය.


ඒ අනුව, සාමාන්‍ය පරිදි ගෑස් සැපයීමේදී ප්‍රමුඛතාව රෝහල්, කර්මාන්ත ශාලා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"හොස්පිටල්ස්වලට 75,000ක් යන්නේ නැහැනේ. 2000ක් 3000ක් යාවි. ඉතුරු ටික සාමාන්‍ය ජනතාවට යනවා." ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී අදහස් දැක්වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශයෙකු සඳහන් කළේ, ඊයේ දිනයේ දී මෙට්‍රික් ටොන් 2500 ක නැවක් නිදහස් කරගත් බවයි.



''ඩොලර් ලැබුනා එක නැවකට. දින 3කට විතර ප්‍රමාණවත්. තව නැව් දෙකක් තියෙනවා. මෙට්‍රික් ටොන් 3700 සහ 3500. ගොඩක් දුරට මේ සතිය ඇතුළත ඒවාට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලැබෙයි කියලා විශ්වාස කරනවා.'' යයි ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයා පැවසිය.



ඊයේ දහවල් ගෑස් නෞකාවක් නිදහස් කර ගැනීමට හැකි වුණු බවත්, සිලින්ඩර්වලට ගෑස් පිරවීම මේ වන විට ආරම්භ කර ඇති බවත්, ඒ අනුව, ගෑස් බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ, එය අද (මාර්තු 9) උදෑසන වන විට සාමාන්‍ය තත්ත්වයකට පත්වනු ඇති බව ය.

එමෙන් ම, බස්නාහිර පළාත සඳහා ගෑස් සිලින්ඩර් වැඩි සංඛ්‍යාවක් සපයන ලෙසට ද උපදෙස් දී ඇති බවත් අද දිනයේදී ගෑස් සිලින්ඩර් 80,000ක් පමණ පිරවීමට අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ආදාළ නෞකාවේ අඩංගු ගෑස් ප්‍රමාණය දින තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වා දුන් එම ප්‍රකාශකයා සඳහන් කළේ, පැමිණ ඇති සෙසු නෞකාවල ද අඩංගු ගෑස් නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවට අදාළ අංශ ප්‍රකාශ කර ඇති බව ය.

කෙසේ වෙතත්, එය මෙතෙක් තහවුරු කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

බැසිල් බාප්පා කරපු වැඩේ කැතයි! නාමල් ගේම ඉල්ලන්න යයි!! | අද ගොසිප් එක 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්