අතුරුදහන් කළ සිය සමීපතමයන් වෙනුවෙන් මරණ සහතික දී වන්දියක් ගෙවා දැමීමට පාලකයන් ගන්නා උත්සාහය, රජය සිදු කළ ඝාතන යට ගැසීමට

ගන්නා වෑයමක් ලෙසින් යුද පීඩිත උතුරේ මව්වරුන් විසින් හෙලා දැක තිබේ.

 මෙවර ජගත් කාන්තා දිනය කලු දිනයක් ලෙසින් සැමරීම සිදු කළ මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ මව්වරුන් රජයෙන් ප්‍රශ්න කළේ සියතින්ම රජයේ යුද හමුදාවට බාර දුන් දරුවන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කරන්නේ නම් ඔවුන් ඝාතනය කළේ කවුරුන්ද යන්නයි.

 අතුරුදහන් වුවන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම මගින් ඇඟවෙන්නේ ඔවුන් ඝාතනය කර ඇති බව යැයි ඔවුහු  වැඩි දුරටත් සදහන් කළහ.

 කලු පැහැති සාරි හැඳි මව්වරුන් සිය ගණනක් ජගත් කාන්තා දින උදෑසන මුලතිව් රාජප්පර් ක්‍රිස්තියානි පල්ලිය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කර මුලතිව් නගරය තෙක් පැමිණ එහිදී විරෝධතා දැක්වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

 

බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය පතා  2017 වසරේ ජගත් කාන්තා දිනයේ  ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවට වසර පහක් සපිරෙන දිනයේත් පෙළපාලි යමින් ඔවුන් ඉල්ලා තිබුනේ සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීම සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

 

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් පැවැත්වු විරෝධතාවයේදී ඔවුන් ලක් රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටියේ වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙසයි.

 සුදු පැහැති අඩි සිය ගණනක් දිගු රෙදි බැනරයක කලු පැහැ අකුරින් සිංහළ, දෙමළ හා ඉංශ්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ඔවුන් සිය ඉල්ලිම් එහි සටහන් කර තිබුනි.

 

''අපිට වුවමනා අධිකරණ විමර්ශනයක් මිස මරණ සහතික හෝ වන්දි නොවේ!'' දෙමළ මාතාවක් අතැතිව තිබු සටන් පුවරුවක සිංහල බසින් සදහන්ව තිබුනි.

 

දොලොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ජගත් කාන්තා දිනයේ කලු ඇදුමින් සැරසී  වව්නියාව බස් නැවතුම් පොළ ඉදිරිපිටදී විරෝධතා දැක්වු අතුරුදහන් වුවන්ගේ ඥාතීන් අවධාරණය කර තිබුනේ අතුරුදහන් කර සිටින සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් තමන් දිගින් දිගටම ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන බවයි.

 බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය පතා ආරම්භ කළ අඛණ්ඩ විරොධතාවයට දින 1841 ක් සපිරෙන දිනයේ විරෝධතා පැවැත්වු කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අතුරුදහන්වුවන්ගේ පවුල් වල මව්වරුන්ද ජගත් කාන්තා දිනයේ ඉල්ලා සිටියේ අතුරුදහන් සිය සමීපතමයන් අත්වු ඉරණම හෙලි කරගැනීම සදහා ජාත්‍යන්තර මැදිහත්වීමකී.

 ත්‍රිකුණාමලය ශිවන් කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමනකින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය දක්වා පැමිණි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරුදහන්වුවන්ගේ පවුල් වල මව්වරුන්ද එහිදී සමකාමී විරෝධතාවයක් දියත් කරමින් සදහන් කළේ, සිය සමීපතමයන් සොයා ගැනිමේ අඛණ්ඩ අරගලයට වසර පහක් සපිරී ඇතත් රට තුලින් එයට විසදුම් ලබා දීමට අසමත්ව ඇති බැවින් සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සදහා  ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවයි.

 අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) උද්ඝෝෂණයේ යෙදුන මව්වරුන්ගේ දැඩි විරෝධය එල්ල වු බව උතුරු නැගෙනහිර පළාත් වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 

කැබිනට් අනුමැතිය

 

ආණ්ඩුව නිවේදනය කර ඇති පරිදි මාතර, මන්නාරම, යාපනය, මඩකලපුව සහ කිලිනොච්චි යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙන OMP ප්‍රදේශිය කාර්යාල වෙත අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 14,988 කි.

 එකී පැමිණිලි විමර්ශනය කර අවසන් කිරීම සදහා විමර්ශන මණ්ඩල 25 ක් පත්කර කඩිනම් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සදහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මාර්තු 7 වැනි සදුදා රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව රජය නිවේදනය කර තිබේ.


Cabinet Decision on 07.03.2022 page 005 Copy

උතුරේ දෙමල මව්වරුන් ජගත් කාන්තා දිනයේ විරෝධතා පැවැත්වූ ආකාරය

amma w 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්