රුසියාව සහ යුක්රේනය අතර පවතින භූ දේශපාලන ගැටුමට ප්‍රතිචාරයක් වශයෙන් ආසියානු සමුළුවට ඉන්දුනීසියාව නායකත්වය ලබා දියයුතු බවට හිටපු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කල යෝජනාවට ඉන්දුනීසියානු මාධ්‍ය වල විශේෂ අවධානයක් යොමුව තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රුසියා -යුක්රේන යුද්ධය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කල සිටියේ, ගෝලීය බල තුලනය ආසියාවට මාරුවනු ඇති බවයි.

ඉදිරි වසර 10 තුළ සි ආසියානු කලාපයට ගෝලීය නායකයාගේ කබාය භාර ගැනීමට හැකි වනු ඇති බවට අනාවැකි පළ කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ,  ගෝලීයකාරණා සම්බන්ධයෙන් ඉදිරියට ගොස් පෙරමුණ ගන්නා ලෙස ආසියාවෙන් ඉල්ලා සිටියේය.

එහිදී බැන්ඩුන් සමුළුවේ පළමු කැඳවුම්කරු සහ G 20 වත්මන් සභාපති දුරය දරන ඉන්දුනීසියාව ආසියානු සමුළුවක් සංවිධානය කිරීමට පෙරමුණ ගතයුතු බව ඔහු අවධාරණය කර සිටියේය.

ඉන්දුනීසියාවේ ප්‍රමුඛතම සඟරාව වන TEMPO සඟරාව විසින් විශේෂ ලිපියක් පළකරමින් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාව පිළිබඳව අවධානය යොමුකර ඇත.

 

චීනය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ වෙනත් ආසියානු රටවල් එක්ව ඉදිරි වසර 10 ඉලක්ක කර ගනිමින් ආසියාවට ඉදිරිපත් කලයුතු සුවිශේෂ සැලැස්මක් රනිල් වික්‍රමසිංහ සිය සාකච්ඡාව මගින් යෝජනා කර ඇති බව සඳහන් කර ඇති TEMPO සඟරාව, ආසියාව ගෝලීය බලවතා වුවොත් අප්‍රිකානු කලාපයද ඊට ඇඳා ගැනීමේ හැකියාව එහි වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආසියා පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපතිවරයා ලෙසත්, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ උප සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ හිටපු රොබට් ඊ.විල්හෙල්ම් සාමාජිකයෙකි.

මුලාශ්‍ර පුවත :


Eks PM Sri Lanka Sarankan Indonesia Pimpin KTT Asia untuk Atasi Krisis Ukraina

සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර තිබු ගැටළු පදනම් කරගනිමින් පසුගියදා සිදු කල සාකච්ජාව මෙහෙයවනු ලැබුවේ ඉෂිනි කවීශා යි. හිටපු අගමැතිවරයා එහිදී රුසියානු - යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් මෙසේ  පැහැදිලි කළේය.

 

 


සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්