එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 ක් දක්වා අවප්‍රමාණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයත් සමඟම, දිවයිනේ ප්‍රධාන

ඖෂධ නිෂ්පාදන සමාගම් සහ ආනයනකරුවන් ඔසුසල් වලට ඖෂධ සැපයීම නතර කර තිබේ.

ඉංශ්‍රීසි බසින් පළ වන ජාතික පුවත්පතකට අදහස් දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ (ACPPOA) සභාපති චන්දික ගන්කන්ද අවධාරණය කර ඇත්තේ, මේ වන විටත් ඔවුන් අත  පවතින ඖෂධ තොග ද ඔසුසල් වෙත බෙදා හැරීම ඖෂධ සමාගම් සහ ආනයනකරුවන් විසින් නතර කර ඇති බව යි.

රුපියලේ වර්තමාන ඇගැයීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙකී ඖෂධ අලෙවිකරුවන්ට ලාභයක් ලැබීමට නොහැකි වනු ඇති බව චන්දික ගන්කන්ද 'ඩේලි මිරර්' පුවත්පතට පවසා තිබේ.

 

බොහෝ ඖෂධ වර්ග සහ අමු ද්‍රව්‍ය බොහොමයක් ආනයනය කර ඇත්තේ ණය පදනම මත බව පෙන්වා දෙන ඔහු තව දුරටත් අවධාරණය කරන්නේ  ඒවා අද පවතින මිල ගණන් වලට දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමේදී මේ නිෂ්පාදකයන්ට හා ආනයනකරුවන්ට විශාල පාඩුවක් සිදුවන බවයි.

 

“රටේ දැනට පවතින ඩොලර් අර්බුදයත් සමඟ නිෂ්පාදකයන්ට සහ ආනයනකරුවන්ට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරන්න හරි, ආනයනය කරන්න හරි බැරි වෙලා තියෙන්නේ ඒවායේ මිල වැඩි නිසා. ඔවුන් ආනයනය කරන සමහර ඖෂධ මිල පාලනයට යටත් නම්, ඒවා දේශීය වෙළෙඳපොළේ අලෙවි කර ලාභයක් ලබන්න වෙන්නේ නෑ. දැනටමත් හුඟක් ඖෂධ වර්ග අලෙවි වන්නේ පාලන මිලක් යටතේ” යි ඔහු සදහන් කරයි.

“රටේ දැනට පවතින ඩොලර් අර්බුදයත් සමඟ නිෂ්පාදකයන්ට සහ ආනයනකරුවන්ට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරන්න හරි, ආනයනය කරන්න හරි බැරි වෙලා තියෙන්නේ ඒවායේ මිල වැඩි නිසා. ඔවුන් ආනයනය කරන සමහර ඖෂධ මිල පාලනයට යටත් නම්, ඒවා දේශීය වෙළෙඳපොළේ අලෙවි කර ලාභයක් ලබන්න වෙන්නේ නෑ. දැනටමත් හුඟක් ඖෂධ වර්ග අලෙවි වන්නේ පාලන මිලක් යටතේ” යි ඔහු සදහන් කරයි.

ඒ  සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය විසින් පසුගිය 8 වැනිදා ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

“මෙසේ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කර, දේශීය ඔසුසල් හරහා අලෙවි කරන ඖෂධ වල මිල ඉහළ දැමීමට තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුනත්, ඖෂධ මිල ඉහළ දැමීමේ අවසන් තීරණය ගන්නා තුරු හෝ නිල ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරනා තුරු, ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් සහ ආනයනකරුවන් විසින් ඖෂධ බෙදා හැරීම නතර කරල තියෙන්නේ” යැයි ද සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ  සභාපති චන්දික ගන්කන්ද සදහන් කරයි.

එබැවින් පාරිභෝගිකයන්ට පවතින තත්වය පැහැදිලි කර දෙමින්, දැනට පවතින ඖෂධ තොග අරපිරිමැස්මෙන් නිකුත් කරන ලෙස සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය විසින් සියළුම ඔසුසල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 
 
 

Leader Whats app

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්