විමල් විරවංශ නායකත්වය දරන 'ජාතික නිදහස් පෙරමුණේ' ජ්‍යෙෂ්ඨ නායකයකුවන ජයන්ත සමරවීර ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රාජ්‍ය අමාත්‍ය

ධූරයේ ලොහාන් රත්වත්තේ දිවුරුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශයේ මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ අද (මාර්තු 10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී ඇත.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ලොහාන් රත්වත්තේ කටයුතු කරයි.

සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ජයන්ත සමරවීර මාර්තු 8 වන දා පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේ ය.

මීට පෙර තම සොයුරු බැසිල් රාජපක්ෂ ගේ බලපෑම් මත ජනාධිපතිවරයා විසින් විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඔවුන් දැරූ කැබිනට් ඇමති ධූරවලින් ඉවත් කරනු ලැබූහ.

එම අර්බුදයෙන් අනතුරුව අමාත්‍ය ධූරය අත්හළ පළමු මන්ත්‍රීවරයා ජයන්ත සමරවීර යි.


ඇමති කමෙන් අස්වෙන බවට බලපෑම් !


පසුගිය දා ජනාධිපතිවරයා විසින් සිදුකල කැබිනට් සංශෝධනයේදී දිලුම් අමුණුගමට හා එස්. බී. දිසානායකට කැබිනට් අමාත්‍ය ධූර ලබාදෙද්දී තමාව නොසලකා හැරීම සම්බන්ධයෙන් බලවත්සේ කනස්සල්ලට පත්ව සිටි ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවට අගමැතිවරයා වෙත දැනුම් දී තිබිණ.

ලොහාන් රත්වත්ත අගමැති මහින්ද රාජපක්ෂගේ පවුලේ සමිතතම හිතවතකු ලෙස සැලකේ.



සබැඳි පුවත් :


අගමැති මහින්දගේ හිතවතාට මල පනී ! - ඇමතිකමෙන් අස්වෙන්න යයි !!

 

 

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්