බල ශක්ති අර්බුදය සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස හිටපු බලශක්ති අමාත්‍ය

උදය ගම්මන්පිල ලිඛිත ඉල්ලීමක් කර තිබුනද ඉහල නියෝගයක් මත කතික ලැයිස්තුවෙන් ඔහුගේ නම කපා හැර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

බල ශක්ති අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී මිට පෙර තීන්දු කරද්දී බලශක්ති ඇමති ලෙස පිළිතුරු කතාව කිරීමට නියමිත සිටියේ උදය ගම්මන්පිලයි.

කෙසේවුවද පසුගිය බ්‍රහස්පතින්දා (03) ජනාධිපතිවරයා විසින් ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබිය.

අනතුරුව ඔහු එදිනම රාත්‍රී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෙත ලිඛිත ඉල්ලීමක් කරමින්, තමාට මෙම විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලා තිබිණ.

පසුගිය දින කිහිපයේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් නිසි ප්‍රතිචාරක නොලැබීම මත ගම්මන්පිල මන්ත්‍රීවරයා ඊයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා හා සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා හමුවී තම ඉල්ලීම සම්බන්ධයෙන් විමසීමක කර තිබේ. ඒ අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම කතා කිරීමට නියමිත බැවින් වේලාවක් වෙන්කර දීමට උත්සහ කරන බවයි.


''අවලාද වලට පිළිතුරු දෙන්න අවස්ථාවක් දෙන්න ''


කෙසේවුවද තමන්ගේ නම අද විවාදයේ කතිකා ලැයිස්තුවේ නොමැති බව දැනගන්නා ගම්මන්පිල මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී කතානායක වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එයින් ඔහු කතානායකවරයාට දැනුම් දී ඇත්තේ, ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් තමන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුලදී පදනම් විරහිත ප්‍රකාශ සිදුකර ඇති බැවින් ඊට පිළිතුරු දීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද පාර්ලිමේන්තුව අමතමින්, බලශක්ති අර්බුදයට අදාළ බරපතල වංචා දුෂණ රැසක් හෙළිදරව් කිරීමේ සුදානමක් පවතින බවට පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා පලවිය. 

 

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්