theleaderlk 01

ලංකාව දැන් ඉන්නේ අර්බුදයක. මේක කවදාවත් නොදැකපු, අපි කවදාවත් අත්නොවිදපු අර්බුදයක්. ඉතින් මේ අර්බුදයෙන් ලංකාවට ගොඩ එන්න බැරි වෙයි

ද???

මේ ගැන පසුගිය දිනක SLVLOG  නාලිකාව මහාචාර්ය රොහාන් සමරජීව සමග ඉතා වැදගත් සංවාදයක් කරනවා.

" මේ අර්බුදය පෙර නොවූ විරූ අර්බුදයක්. ඒ නිසා අපි ගත යුත්තේ තවදුරටත් සංස්කෘතික විසඳුම් නෙමෙයි. අපට පෙර නොවූ විරූ විසඳුම් මේ වෙලාවෙදි ගන්න වෙනවා.

මේ වෙලාවෙ ලංකාවට ද්විත්ව හිඟයක් තියනවා. ඒ කියන්නේ අපිට ගෙවුම් ශේෂයේ හිඟයක් සහ රාජ්‍ය ආදායම් හිඟයක් තියෙනවා. මේ නිසාම අපිට අපි ගත්තු ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. පහුගිය අවුරුදු දෙක තුළ මේ නිසා ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් පහලටම වැටුනා. ඒ එක්කමයි මේ අර්බුදය තවත් දරුණු වෙන්නෙ.

අපි දැන් වෙද්දි ඉතාමත් හොඳින් මේ අර්බුදය අත්විඳිනවා. අත්දකිනවා. ඉතින් අපි දැන් මොකද කරන්න ඕන. ක්ෂණික විසඳුම් විදිහට අපිට මේ වෙලාවේ අපේ වියදම් අඩු කරන්න වෙනවා.

 

සාමාන්‍යයෙන් මිලියන අනූ නවයක් විතර දවසකට පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වගේ ආයතන මේ වෙලාවේදී පෞද්ගලිකකරණය කරන්න ඕන. මේකෙන් ජාත්‍යන්තරයට අපේ රට ගැන ධනාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා."

 

'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' විසින් ඉදිරිපත් කළ මෙවැනි කෙටිකාලීන මැදිකාලීන සහ දීර්ඝකාලීන දීර්ඝ කාලීන විසඳුම් කිහිපයක් ගැන වගේම මේ අර්බුදයේ අනාගතය පිළිබඳවත් මෙම සංවාදය තුල දී මහාචාර්ය රොහාන් සමරජීව පැහැදිලි කිරීමක් සිදුකරනවා.

අහලම බලන්න

 

 

 
 

Leader Whats app

 

 

 
 

නවතම පුවත්