1200 x 80 DMirror

රට තුළ ඉන්ධන අර්බුදයක් නිර්මාණය කළ පාලකයන්ට විරෝධය පළ කිරීම සදහා වන්නියේ ප්‍රාදේශිය දේශපාලකයන්

පිරිසක් සභා වාරය සදහා ගොං බැඳි කරත්ත වලින් පැමිණ තිබේ.

දෙමළ ජාතික සන්ධානය බලය හොබවන මුලතිව්,  මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාවේ 46 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා සභාපති කමලනාදන් විජින්තන් ඇතුළු නියෝජිතයන් කිහිප දෙනකු මාර්තු 10 වැනි බ්‍රහස්පතින්දා ගොං බැඳි කරත්ත වල නැග පැමිණි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

දිනෙන් දින බිඳ වැටෙන ආර්ථිකය හමුවේ ඉහල යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත දමමින් ජනතාව මුහුණ පා සිටින ගැටලුවලට නිසි විසදුම් ලබා ලෙස බලකිරීමද අරමුණුකරගනිමින් ඔවුන් මෙලෙස සිය විරෝධතාවය දක්වා තිබේ.

මුල්ලියවලෙයි විනයානගර් කොවිල් අසලින් කරත්න තුනක නැගගත් ප්‍රාදේශිය දේශපාලනඥයන් මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාව වෙත පැමිණෙන විට සභා වාරය ආරම්භ කිරීමට නියමිතව තිබු වේලාවද පසුවී තිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

ආණ්ඩුවට විරෝධය පළ කිරීම සදහා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රදේශිය ජනතා නියෝජිතයන් ගොං බැඳි කරත්ත වල නැග සභා වාරය සදහා පැමිණි ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න, 



22333
2233dsere2233dtrr

 


රාජපක්ෂලාගේ මෑණියන් සිහිකරවන ලයිට් කැපිල්ල! | අද ගොසිප් එක | The Leader TV

 

Leader Whats app

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය