ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් අඩංගු නෞකාවකින් ගෑස් ගොඩබෑමේ කටයුතු මේවනවිට ආරම්භ කළ බව ලිට්රෝ සමාගම පවසයි.
ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකිවීමෙන් නිදහස් නොකර වත්තල මුහුදු ප්‍රදේශයේ සති දෙකකට ආසන්න කාලයක් තවතා තිබූ ගෑස් නෞකා දෙකෙන් එකක් ඊයේ රාත්‍රී නිදහස් කරගත් බවත් එහිදී ගෑස් ගොඩබෑම මේ වන විට ආරම්භ කර එම බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කරන බවත් ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියකු පැවසිය.
එසේම, ගෑස් මෙට්‍රික් ටොන් 3700 රැගෙන පැමිණි නෞකාවක් නිදහස් කිරීමට අදාළ සමාගම එකඟතාවය පල කර ඇති බවද ඔහු සඳහන් කළේය.
පැවති ගෑස් ගිවිසුම පෙබරවාරි 28 දිනෙන් අවසන් වූ අතර මාර්තු 16 වන දිනෙන් අවසන් වන නව ගෑස් ටෙන්ඩරය හරහා සැපයුම්කරුවෙකු තෝරාගන්නා තෙක් ඉදිරි කාලය තුළදී පැවති සමාගම විසින්ම ගිවිසුම් ගත ගෑස් තොග ලබාදීමට කටයුතු කරන බැවින් සැපයුම් ජාලයේ කිසිදු බිඳ වැටීමක් සිදු නොවන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අද පෙරවරුවේ සිට ගෑස් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.
කෙසේ වෙතත් ගෑස් ලබාගැනීම සඳහා රට පුරා දිගු ලෑස් පෝලිම් අද පෙරවරුවේ ද දැකගත හැකිවිය.