1200 x 80 DMirror

 
 

විනිමය කළමනාකරණ පියවරක් වශයෙන් යයි කියමින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම, බලපත්‍ර පාලනයට නතු කිරීමට ආණ්ඩුව

පියවර ගෙන ඇත්තේ, තමන්ගේ ගජ මිතුරන් කිහිප දෙනෙකු වෙත භාණ්ඩ ආනයනයේ ඒකාධිකාරයක් හිමිකරදීම සඳහා බව 'පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ' අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කර සිටියි.

''ආනයන සීමාවේදී මේගොල්ලෝ දාල තියෙනවා විශේෂ බලපත්‍රයක් අවශ්‍යයි මේවා ආනයනය කරන්න කියලා. මේ හදන්නේ කීප දෙනකුට විතරක් විශේෂ බලපත්‍ර දීලා ඒගොල්ලන්ට ඒකාධිකාරි බලයක් හදලා දෙන්න. ඒගොල්ලන්ගේ ගජමිතුරන්ට ඒ ඒකාධිකාරය හරහා මේවායේ මිල තමන් කැමති ලෙස පාලනය කිරීමේ බලයත් ඒ සීමිත ආනයනකරුවන්ට ලැබෙනවා. අනෙකුත් ආනයනකරුවෝ වට්ටලා තමන්ගේ මිතුරෝ කීප දෙනෙකුට විතරක් මේ භාණ්ඩ ආනයනයේ ඒකාධිකාරය හිමිකරලා දෙන්න මේ හදන්නේ.'' පුබුදු ජයගොඩ පවසයි.

ඔහු එබව කියා සිටියේ, ඊයේ (10 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ආනයන භාණ්ඩ පාලනය කිරීම මගින් ඩොලර් අර්බුදය විසඳිය නොහැකි බව ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

''මුළු පරිභෝජන භාණ්ඩ සඳහා වැය කරන්නේ ආනයනයෙන් සියයට 22යි. ඒකෙනුත් ආහාර තියෙන්නේ සියයට හතයි. ඒ නිසා ඒක පාලනය කළා කියලා ආනයන වියදමින් සියයට 78ක්ම අපට මගහරින්න බැරි වියදම්. එතකොට මේක කළා කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ගොඩක් අයගේ ජීවනෝපායන් බිඳ වැටෙන එකයි.

උදාහරණයක් හැටියට සම් ආශ්‍රීත දේවල්, රබර් ආශ්‍රිත දේවල්, ලෙදර් ආශ්‍රිත දේවල් ගෙන්වන්නේ නැහැ. විද්‍යුත් උපකරණ ගෙන්වන්නේ නැහැ. කැමරා ගෙන්වන්නේ නැහැ. පරිගණක ගෙන්වන්නේ නැහැ. අමතර කොටස් ගෙන්වන්නේ නැහැ කියලා කියද්දී දැනට ඒ ආශ්‍රිතව තව ජීවිකාව ගෙවන අයගේ ජීවිකාව බිඳ වැටෙනවා.

මේකෙන් වෙන එකක් තමයි නිදහස් වෙළෙඳපොළේ ධනවාදය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියන එක.



භාණ්ඩ 367ක ආනයන සීමා කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත. පහත දැක්වෙන්නේ මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනකි.

 

----------------

අවවාදයයි!!!

මින් ඉදිරියට භාණ්ඩ 367 ක් අපෙගේ හෙන්චයියන් හරහා ගෙන්වීමට කටයුතු කරනු ලබන බවටත්,
ඒ කිසිදු භාණ්ඩයක් හිග නොවන බවටත්,

කලින් මිලට වඩා වැඩි මිලකට අපට මුට්ටි අල්ලන උන් හරහා උන්ගේ සාක්කුවටත්, අපේ සාක්කුවටත් ගතමන්ට් එකක් ලැබෙන පරිදි මිල නියම කර ඇති බවටත්, එම මිල ගෙවා පහත භාණ්ඩ මිලදී ගත හැකි බවටත් මෙයින් දන්වාසිටිමු.

දැන් ඔක්කොම electronic items වල import license ටික ධම්මික පෙරේරගේ Singer එකට දීලා පලතුරු licence එක සුනිල් ට්‍රේඩර්ස් මුතුමාලට දීලා, luxury perfumes එහෙම අශෝක් පතිරගේ හරහා ODEL එකට දෙනවා.

ඊට පස්සේ උන් ඒවා ටයිල් වලට කලා වගේ 300% profit තියන් විකුණනවා. ටික දවසකින් TV show එකකට ඇවිල්ලා දේශීය ව්‍යාපාර නගාසිටුවීමේ හා positive thinking දේශනේ දෙනවා.....

රටේ දැන් 40%ක් දැන් poverty line එකෙන් පල්ලෙහා ඊට පස්සේ ඕක 75% වෙයි.  

ඔය හදලා දුන්නේ තව ගසාකන මාර්ගයක්  ගජ මිතුරන්ට.....

---------------

 

සබැඳි පුවත්


ආනයන සීමා පැනවූ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ඔබ දන්නවා ද ?

 


Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්