ප්‍රවීන රංඟන ශිල්පී රන්ජන් රාමනායකගේ උපන් දිනය අදට (මාර්තු 11) දී ඇත. ඔහු ජන්මය ලැබුවේ 1963 මාර්තු මස 11 වෙනිදාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීට වසර දෙකකුත් මාස දෙකකට පෙර එනම් වර්ෂ 2020 ජනවාරි 12වන දින අධිකරණයට අපහාස කිරීමේ වරද මත බරපතල වැඩ සහිත සිව් වස් සිරඳඩුවමකට යටත්විය.
පුරා වසර දෙකක් වැලිකඩ සිරගෙදර තුළ තම ජන්ම දිනය ගත කිරීමට ඔහුට සිදුවිය.
'යකඩ පිහාටු' චිත්‍රපටයේ දෛවෝපගත සිදුවීම අදත් භුක්තිවිදින රන්ජන්…..!
මීට වසර දෙකකට පෙර සිරගතවීමත් සමග රන්ජන් රාමනායක සිය ජන්ම දිනය ගතකලේ වැලිකඩ සිරමැදිරියක බව නොරහසකි….
එමෙන්ම් වසර කීහිපයකට පෙර "යකඩ පිහාටු" චිත්‍ර පටයේද රූගත කිරීම් වෙනුවෙන් වැලිකඩ සිපිරිගෙයි ගතකළේ දූෂිතයින්ට දඬුවම් දීමේ ප්‍රතිපලක් ලෙසිනි…
සිය මුහුණු පොතේ ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් සටහන් කර තිබුනේ යකඩ පිහාටු චිත්‍ර පටයේ කළ රඟපෑම දෛවෝපගත සිදුවීමක් ලෙස අදවන විට යථාර්ථයක් ලෙස අත්විඳින බවත් ඒ කුමක් වෙනුවෙන්දැයි හේතුව ජනතාව විසින් වටහාගත යුතු බවත් ය.
ශ්‍රී ලංකව තුළ අධිකරණයට අපහාසකිරීම පැහැදිලි නිර්වචනයක් නොමැති අතර විනිසුරුගේ අභිමතානුසාරී බලය අනුව දඬුවම තීරණය වනු ඇත.
කෙසේ වෙතත් අද දිනට යෙදෙන උපන්දිනය නිදුක් නීරෝගී චිරජීවනය ලැබෙන සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත උපන්දිනයක් ලෙස ප්‍රාර්ථනා කරමු…

ඉතාලිය